
Netflix මේ වෙනකොට ලෝකේ පුරාම බොහොම ජනප්‍රියයි. Netflix India අලුත්ම Comedy Show එකක් පටන් ගත්තා. ඒකෙ නම The Brand New Show. පහුගිය මාසයේ මේ වැඩසටහනේ ආරාධිතයක් විදිහට ජනප්‍රිය ඉන්දීය නිළි රාධිකා ආප්තේ සහභාගි වුනා. වැඩසටහන අතරතුර රාධිකා කියපු අපූරු කතාවක් මේ වෙනකොට දිගින් දිගටම Share වෙමින් යනවා. කතාව මෙහෙමයි.
රාධිකා කියන විදිහට ඇය වයස අවුරුදු 25දී තමයි පළවෙනි වරට පෙම්වතකු එක්ක Date කරන්න යන්නෙ. ඊට කලින් ඇය එක තරුණයෙක් ගැන බලාපොරොත්තුවෙන් අවුරුදු ගණනක් බලාගෙන හිටියත් ඔවුන් කවදාවත් පෙම්වතුන් විදිහට හිරිලා නැහැ. කොහොම නමුත් වයස 25දී රධිකාට එකවර තරුණයින් දෙදෙනෙක් හමුවෙනවා. අවාසනාවකටම මේ දෙන්නම එකම දවසක Date එකකට යන්න ඇයට කතා කරනවා. රධිකා වැටුනේ ලොකු අමාරුවක. තීරණය කරන්න Options දෙකක් තියනවා. මොකද කරන්නෙ..?
ඇය ඒ වෙනකොට ජීවත් වුන ලන්ඩන් නගරයේ නිවසේ හිමිකාරිනිය වුනු Andyට මේ ගැන කියනවා. ඇය රාධිකාට අපූරු විසඳුමක් ලබාදෙනවා. ඔවුන් ජිවත් වන නිවසට නිතර එන පූසට කෑම වර්ග දෙකක් දෙන්න. Tuna සහ තවත් මාළු වර්ගයක්. පූසා Tuna කෑමට ගත්තොත් ඇගේ එක් Dating partner කෙනෙක් වුනු Benadict එක්කත්, අනික් මාළු වර්ගය කෑවොත් අනික් තරුණයා එක්කත් date එකට යන්න කියන එකයි Andyගේ යෝජනාව.
“අන්තිමේ අර පූසා Tuna එක කෑවා, මම Benadict එක්ක date එකට ගියා. එයා දැන් මගේ Husband” රාධිකා සිනහවෙමින් පැවසුවා. “මේක සියළු Cat ladiesලාට හොඳ උපදෙසක්” වැඩසටහන මෙහෙයවන Abish Mathew එහෙම කියද්දී ප්‍රේක්ෂකයින් හැමෝම මහා හඬින් හිනාවුනා.