
Dabboo Ratnani කියන්නේ ඉන්දියාවේ ඉන්න අති දක්ෂ Fashion photographer කෙනෙක්. 1999 අවුරුද්දේ ඔහු පටන් ගන්නවා හරි අපූරු වැඩක්. ඒ තමයි ඔහුගේ පින්තූර වලින් හැඩවුන කැලැන්ඩරය. එතැන් පටන් මේ වෙනකන් ඔහු හැම අවුරුද්දකම කැලැන්ඩර නිර්මාණය කරනවා. මේ වෙනකොට Mumbai වල ඉතාම ජනප්‍රිය Event එකක් තමයි Ratnaniගේ කැලැන්ඩරය එළිදැක්වීම.
මෙවර 2020 වෙනුවෙන් ඔහු අපූරු කැලැන්ඩරයක් නිර්මාණය කරලා. බොලිවුඩ් තරු කිහිපයක් එක්ක කරපු සරාගී පින්තූර එකතුවක් මේ කැලැන්ඩරයෙන් මෙවර ගෙන එනවා. විකී කෞෂාල්, විද්‍යා බාලන්, කිආරා අද්වානි, භූමි පඩ්නේකර්, අනන්‍යා පාන්ඩේ, ජැකලින් ෆර්නැන්ඩස්, සයිෆ් අලි ඛාන් මෙවර කැලැන්ඩරය සරසා තිබෙනවා. මේ අතරින් උඩුකය නිරුවත් කිආරා සහ භූමිගේ පින්තූර මේ වෙනකොට අන්තර්ජාලය හරහා මිලියන ගණනින් Share වෙලා.