Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

මහජන පුස්තකාල පාඨක සංසදයේ සිනමා දැක්ම

$
0
0

කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය කලක පටන් මාසිකව සිනමා දැක්මක් සංවිධාන කරනවා. මේ වැඩසටහනේ පෙබරවාරි කලාපය පැවැත්වීමට සුදානම්. මෙවර තිරගත කිරීමට තෝරාගෙන තිබෙන්නේ බෙල්ජියානු චිත්‍රපටයක්. 2014 වර්ෂයේ නිර්මාණය වුනු මේ චිත්‍රපටය එම වසරේ ජාත්‍යන්තර මට්ටමේ සිනමා සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කළා. ඒ අතුරින් සම්මාන කිහිපයක්ම දිනා ගැනීමටත් චිත්‍රපටය සමත් වුනා. Dardenne Brothers තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය Two days one night ලෙස නම්කොට තිබුණා.

පෙබරවාරි 28 වැනිදා සිකුරාදා දිනයේ සවස 3.00ට මහජන පුස්තකාලයේ උඩුමහලේ මේ චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. චිත්‍රපටය තිරගත කිරීමන් පසුව පැවැත්වෙන සංවාදයට සම්පත් දායකයා ලෙස මෙවරත් සම්බන්ධ වන්නේ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ. චිතපටය රසවිඳීමට සහ සංවාදයට එක්වීමට සංවිධායකයින් ඔබටත් ඇරියුම් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>