Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Angrezi Medium සමගින් IRFAN KHAN යළිත් රිදී තිරයට

$
0
0

ඔබ ඉන්දියානු සිනමාව ප්‍රිය කරන කෙනෙක් නම්, විශේෂයෙන් බොලිවුඩ් සිනමාවට කැමති කෙනෙක් නම්, 2017 අවුරුද්දේ ඔබ නැරඹු හොඳම බොලිවුඩ් චිත්‍රපට අතර, Hindi Medium චිත්‍රපටය ඉහළින්ම තියෙන්න ඇති. මේ කියන්න යන්නේ ඒ චිත්‍රපටයේම sequel එකක් ගැන. මේ චිත්‍රපටයේ නම Angrezi Medium. ඉංග්‍රීසි Title එකෙන් කියනවා නම්, English Medium. තමන්ගේ දුවගේ උසස් අධ්‍යාපන හීනය හැබෑකර දෙන්න දුව අරගෙන එංගලන්තයට යන අපූරු පියෙකු මේ චිත්‍රපටයේදී ඔබට හමුවේවි. ඒ, ඔබ වඩාත් ආදරය කරන ඉන්දීය නළු Irfan Khan. කලින් චිත්‍රපටයට වගේම මේ චිත්‍රපටයටත් ප්‍රධාන චරිත රංගනයට ඔහු එක්වනවා.

මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Homi Adajania. නිෂ්පාදක සමාගම පවසන ආකායට Saket Chaudhary සමග මේ චිත්‍රපටයත් නිර්මාණය කරන්න ඔවුන්ට අවශ්‍යතාව තිබුන නමුත්, Saket වෙනත් ව්‍යාපෘති සඳහා දින වෙන්කරගෙන තිබුන නිසා ඔහුට මේ කටයුත්ත මගහැරී තිබෙනවා. මෙවර චිත්‍රපටයට තිර රචනයෙන් Bhavesh Mandalia, Gaurav Shukla, Vinay Chhawall, Sara Bodinar දායක වී තිබෙනවා. Irfan Khan, Kareena Kapoor Khan, Radhika Dobriyal, Deepak Dobriyal, Dimple Kapadia චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Irfan Khan අසනීප තත්වයෙන් පසුව මේ චිත්‍රපටයට දායක වුනත් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ නොවන බව පැවසෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්වය ඊට හේතුව බවත් සඳහන්.

පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව චිත්‍රපටය ගැන බොහෝදෙනෙක් කතාබහ කරන බවත්, විචාරකන් ප්‍රචාරක පටය ගැන සුබවාදී අදහස් පලකොට ඇති බවත් සඳහන්. කෙසේ නමුත් මාර්තු 13 වැනිදා සිට ප්‍රේක්ෂකයින්ට මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදා වනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>