
ලෝකය පුරා පැතිරී යන නව කොරෝනා වෛරසය හේතුවෙන් විනොදාස්වාදන කර්මාන්තයේ රැකියා කරන බොහෝ පිරිසකට රැකියා අහිමිව යමින් ඇතැයි හොලිවුඩ් පුරයෙන් වාර්තා වනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිනමාහල් සහ නාට්‍ය ශාලා වසා දැමීමටත්, නිෂ්පාදන කටයුතු නවතා දැමීමටත් බලධාරීන් තීරණය කොට තිබුනා. US Entertainment industry union IATSE සඳහන් කරන පරිදි විශාල වෘත්තීය වේදීන් පිරිසකට මේ හේතුවෙන් සිය රැකියා අහිමිව යනවා. International cinematographers guild සිය සාමාජිකයින් වෙත දැනුම් දී තිබෙන පරිදි ආසන්න අවශයෙන් 120,000ක පමණ රැකියා අහිමිව යාමේ අවදානමක් පවතිනවා. ඔවුන් පවසන්නේ සිය වෘත්තීයවේදීන්ගේ ජිවන තත්වය පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් උදෙසා කිසියම් සහන පැකේජයක් හඳුන්වා දිය යුතුව ඇති බවයි.
ලෝකය පුරා චිත්‍රපට සහ රුපවාහිනී නිෂ්පාදන බොහොමයක් පාහේ නවතා දමා ඇති බවත්, මේ හේතුවෙන් එම ක්ෂේත්‍රයන්හි රැකියාවල නියුතු නිදහස් සේවකයින් (Freelance workers) බහුතරයකට ඉතා කෙටි දැනුම් දීමකින් ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කොට තිබුනා. සාමාජිකයින් 9000 කට අධික පිරිසක් සිටින International cinematographers guild නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසනවා. “අපේ සමහර සාමාජිකයින්ට ඔවුන්ගේ රාජකාරි නවතා දමා සති දෙකක් යනතුරුත් ගෙවීම් සිදුකළ නමුත්, අප දැන් සිටින තත්වය මත එවැන්නක් දිගටම බලාපොරොත්තු විය නොහැකියි, අපිට කාටවත් සහතික වෙන්න බැහැ මේ ගැටළුව කවදා අවසන් වෙයිද කියා, සමහර විට සති කිහිපයක් හෝ මාස කිහිපයක්ද විය හැකියි” එම නිවේදනයේ දැක්වෙනවා.
මේ වනවිටත් නිදහස් සේවකයින් ප්‍රමාණයෙන් 70%කට අධික ප්‍රමාණයක් රැකියා අහිමිව අර්බුධ රැසකට මුහුණපා සිටින බවත් මේ තත්වය දිගින් දිගටම පැවතුන හොත් සිනමා හා අනිකුත් විනොදාස්වාදන ක්ෂේත්‍රයේ නොහො පිරිසකගේ පැවැත්ම අර්බුධයකට ලක්විය හැකි බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා.