Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2400

“දැකල පුරුදු කෙනෙක්”තිර පිටපත එළිදකියි

$
0
0

“දැකල පුරුදු කෙනෙක්” – 2019 වසරේ පළමු කාර්තුවේ තිරගත වුනු, ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින් බොහොමයක් කැමැත්තෙන් නැරඹු චිත්‍රපටයක්. බූපති නලින් වික්‍රමගේ තිර රචනය සිදුකළ මේ චිත්‍රපටය මලිත් හෑගොඩ විසින් අධ්‍යක්ෂණය කළා. චිත්‍රපටය තිරගත වුනු කාල වකවානුවෙත්, ඉන් පසුවත් මේ නිර්මාණය ගැන බොහෝ දෙනෙක් විවිධ අදහස් පළකොට තිබුනා. මේ සියල්ල එක්කොට චිත්‍රපටයේ තිර පිටපතද සමගින් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වීමට චිත්‍රපට කණ්ඩායම කටයුතු කළා.

චිත්‍රපටය තිරගත වීමෙන් වසරක් ගතවෙන තැන මේ පොත එළිදැක්වීමට ඔවුන් සැළසුම් කළත් කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රටතුළ උද්ගත වූ තත්වය නිසා ඒ කටයුත්ත කල් දැමුනා. කෙසේ නමුත් දැන් මේ ග්‍රන්ථය මිළදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව තිබෙනවා. “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයේ තිර පිටපත, නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබඳ තොරතුරු, බෙදාහැරීමේ තොරතුරු, වර්ණ සේයාරූ, චිත්‍රපටය පිලිබඳ පළවූ විචාර, සම්මුඛ සාකච්චා වගේම පෞද්ගලිකව Facebook අවකාශයේ චිත්‍රපටය පිලිබඳ තැබූ සටහන් කිහිපයකුත් ඇතුළත් මේ ග්‍රන්ථය “අහස” පොතක් ලෙස එළිදක්වා තිබෙනවා.

පොතේ සාමාන්‍ය මිළ රුපියල් 1500/= වන අතර මේ දිනවල හඳුන්වාදීමේ විශේෂ මිළක් යටතේ රුපියල් 1000/=කට ලබාගැනීමට ඔබට හැකියි. බොරලැස්ගමුව අහස පොත්හලෙන් හෝ සරසවි පොත්හල ඇතුළු අනිකුත් පොත්හල් වලිනුත් ඔබට මෙම ග්‍රන්ථය මිළදීගත හැකියි. පොත නිවෙසටම ගෙන්වා ගැනීමට ඔබට අවශ්‍ය නම්, 0112 088 352 හෝ 0772 652 550 අංකයට අමතන ලෙස අහස ප්‍රකාශකයින් දන්වා සිටිනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2400

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>