
ඇමරිකාවෙන් පටන්ගෙන ලෝකය පුරා ව්‍යාප්තව යන #BlackLivesMatter ව්‍යාපාරය ගැන මේ වෙනකොට ලෝකයම දැනුවත්. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඇමරිකානු කළු ජාතිකයකු වූ George Floydගේ ගෙල පාගා සිරකොට මරා දැමීම හේතුවෙන් මේ ව්‍යාපාරය ආරම්භ වුනත් සමස්ථයක් විදිහට කළු ජාතිකයින්ට සිදුවන හිංසනය සහ මර්ධනයට විරුද්ධ වීම මේ ව්‍යාපාරයෙන් ඇරඹුනා. වර්ණබේද වාදයට එරෙහි ලොව පුරා ජනතාව මේ ව්‍යාපාරයට සහය පළකිරීම ඇරඹීමත් සමග ඇමරිකානු පාලන තන්ත්‍රය පවා සසල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් මේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට හොලිවුඩ් තරු රැසක් එක්ව සිටිනු දක්නට ලැබුනා. වර්ණබේද වාදයට එරෙහි වීම මෙන්ම යුක්තිය ඉටුකරගැනීමේ අරමුණින් මේ පිරිස් උද්ඝෝෂණ ව්‍යාපාර වලට එක්ව සිටයේ කළු සුදු බේදයකින් තොරවයි. මේ එම හොලිවුඩ් තරු අතරින්කිහිප දෙනෙක් උද්ඝෝෂණ ව්‍යාපාර වලට එක්වූ අයුරුයි.
John Boyega, Logan Paul, Beyonce, Rihana, Steph and Ayesha Curry, Cara Delevingne, Ariana Grande, Halsey, Tessa Jackson, Michael B Jordan, Nargis Faklri ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ජනප්‍රිය “තරු” රැසක් මේ උද්ඝෝෂණ කරුවන් සමග වීදියේ සටනට එක්ව සිටියා.