
ස්වාධීන සිනමා එකමුතුව ( Independent Cinema Movement ) මගින් ‘සිනෙපෝසියම්’ (cineposium) සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කරනවා. මෙම සම්මන්ත්‍රණ මාලාව මගින් සිනමා සෞන්දර්ය පිළිබඳව සංවාද, වැඩමුළු වැනි වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මෙහි විශේෂත්වය වන්නේ මේ සියළු සම්මන්ත්‍රණ / සංවාද අන්තර්ජාලය මාධ්‍ය ලෙස භාවිතා කරමින් සිදුකිරීමට කටයුතු යොදා තිබීම.
එහි පළමු පියවර දෙසැම්බර් මස 13 ඉරිදා උදේ 9 ට සජීවව Facebook සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට සූදානම්. සිනමා චායාරූපකරණය ( Cinematography ) පිළිබඳව සාකච්ඡා වන මෙම සම්මන්ත්‍රණයට එම්.ඩී මහින්දපාල, චන්න දේශප්‍රිය සහ ප්‍රභාත් රෝෂන් යන සිනමා චායාරූපකරණ අධ්‍යක්ෂකවරුන් සම්පත් දායකයින් ලෙස සහභාගී වනවා. සම්මන්ත්‍රණය මෙහෙයවීම සිනමා චායාරුපකකරණ අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක විසින් සිදුකරනු ඇති. මේ පිළිබඳව වැඩි විස්තර ස්වාධීන සිනමා එකමුතුවේ Facebook පිටුවෙන් ලබාගත හැකියි. වැඩසටහන පටිගත කොට YouTube ඔස්සේ පසුව විකාශය කිරීමටත් සැළසුම් යොදා තිබෙනවා.
Like : https://www.facebook.com/ICMlk
Instagram :
YouTube : https://www.youtube.com/channel/UCVcQl5LGprXw6lsBuoxXFZA
