
1995 වසරේ අතිශය ජනප්‍රිය වුනු හොලිවුඩ් නිර්මාණයක් වූ FRIDAY චිත්‍රපටයේ Deebo ලෙස රංගනයේ යෙදුනු ජනප්‍රිය විකට නළුවකු වූ Tiny Lister Jr. මියගිය බව හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. 10 වැනි බ්‍රහස්පතින්දා ඔහු මෙලෙස මියගොස් ඇතැයි සඳහන්.
Lister ගේ කළමණාකරු Cindy Cowan පවසන පරිදි ඔහු බ්‍රහස්පතින්දා දහවල් Marina Del Rey, California
හි පිහිටි ඔහුගේ නිවසේ සිහිසුන්ව වැටී සිටියදී සොයාගෙන තිබෙනවා. ඒ වනවිටත් ඔහු මියගොස් සිටි
බවයි සඳහන් වන්නේ.ඔහුගේ කළමණාකරු පවසන පරිදි මීට පෙර ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී
තිබෙනවා. කෙසේ නමුත් ප්‍රතිකාර වලින් පසුව ඔහු සුව අතට හැරුණු නැවයි පැවසෙන්නේ.
නමුත් නැවත වරක් යම් රෝගී තත්වයන් පෙන්වූ Lister හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළුණු බවත් ඔහුගේ
කළමණාකරු ප්‍රකාශ කොට තිබෙනවා. බ්‍රහස්පතින්දා දහවල් මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා වුනු
බවත් මේ වනතෙක් පරීක්ෂණ කටයුතු නිමාකොට නොමැති බවත් Los-Angelis පොලිසිය මාධ්‍ය වෙත
පවසා තිබෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණය කොටගෙන නොමැති බවත් පරීක්ෂණ දිගටම
සිදුවන බවත් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ නමුත් ඔහුගේ සමකාලීන රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම
සිය ශෝකය පළකරමින් twitter පණිවිඩ නිකුත් කොට තිබුනා.
ජනප්‍රිය නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකුද වන Lister, මියයන විට 62වැනි වියේ පසුවුනා.