Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

දීපිකා සහ ශාරුක් රිදී තිරයේදී යළිත් එක්වෙයි.

$
0
0

‘Om Shaanti Om’, ‘Chennai Express’, ‘Happy New Year’ වැනි චිත්‍රපට බොලිවුඩ් සිනමා රසිකයින්ගේ මතකයෙන් ගිලිහෙන්න විදිහක් නැහැ. එතරම්ම ඒ චිත්‍රපට සහ ඒවායේ ඇතුළත් වුනු ගීත රසිකයින් අතර ජනප්‍රියයි. මේ චිත්‍රපට වල ප්‍රධාන චරිත නිරුපණය කළ ශාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් යළිත් වරක් එක්ව එකම සිනමාපටයක රංගනයෙන් දායක වන බවට පුවතක් බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කරනවා.

චිත්‍රපටය Pathan ලෙස නම්කොට තිබෙනවා. පතාන් කියන්නේ ඉන්දියාවේ සහ ලෝකය පුරා විවිධ තැන්වල ජීවත් වන ජනවර්ගයක්. නමුත් මේ චිත්‍රපටය එම ජනවර්ගය පදනම් කරගෙන නිර්මාණය වන්නක් නොවන බවත් ඇතැම් බොලිවුඩ් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරාක් පසුපස යන රහස් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් වටා මේ කතාව ගෙතී ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දීපිකා පදුකෝන් සහ ශාරුක් ඛාන් දෙදෙනාම රහස් පොලිස් නිළධාරින් ලෙස රංගනයෙන් එක්වන බවත් ජෝන් ඒබ්‍රහම් මෙම චිත්‍රපටයේ රංගනයට එක්වන බවත් බොලිවුඩ් වාර්තා වල සඳහන්. පසුගිය කාලයේ ශාරුක් දායක වුනු චිත්‍රපට ආදායම් අතින් තරමක් අසාර්ථක වීම නිසා ඔහු යම් කළකිරීමකින් පසුවුනත් මේ චිත්‍රපටය ගැන බලාපොරොත්තු තබාගෙන සිටින බවත් පැවසෙනවා.

COVID-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉතාම සුපරික්ෂාකාරී ලෙස සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කෙරුණු බවත්, ශාරුක් ඛාන් රූගත කිරීම් වලට සම්බන්ධ වන සිනයන් පිලිබඳ අවසන් මොහොත වනතෙක් නිවේදනය නොකරන බවත් චිත්‍රපටය පිලිබඳ වාර්තා කරන බොලිවුඩ් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>