
ස්වාධීන සිනමා එකමුතුව පසුගිය කාලය පුරා ඩිජිටල් අවකාශය භාවිතයෙන් සිනමාවේ විවිධ පැතිකඩ පිලිබඳ සංවාද මාලාවක් සංවිධාන කළා. එහි මීළඟ පියවර වෙනුවෙන් ඔවුන් තෝරාගෙන තිබෙන්නේ සිනමා සංස්කරණය කියන විෂය. “රූප මැද රූප” නමින් ඔවුන් මේ සංවාදය නම්කොට තිබෙනවා.
අප්‍රේල් 25 වැනිදා ඉරිදා දවසේ මේ සංවාදය ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙනු ඇති. එම සංවාදයට සජීවීව එකතු වීමට සැමටම විවෘත ආරාධායක් කෙරෙනවා. 25 වැනිදා උදේ 10.30 සිට මේ සංවාදය Facebook live වැඩසටහනක් ලෙසින් පැවැත්වෙන බව සංවිධායකයින් දන්වා සිටිනවා.
මෙවර සංවාදය සඳහා ග්ලැඩ්වින් ප්‍රනාන්දු, රවීන්ද්‍ර ගුරුගේ සහ ප්‍රවීන් ජයරත්න යන වෘත්තියවේදීන් සම්බන්ධ වීමට නියමිතයි. සංවාදය මෙහෙයවනු ලබන්නේ සිනමා කැමරා අධ්යක්ෂ ධනුෂ්ක ගුණතිලක විසින්. ස්වාධීන සිනමා එකමුතුවේ Facebook පිටුවට Like කිරීමෙන් ඔබට ඔවුන් සංවිධාන කරන අනිකුත් වැඩසටහන් පිළිබඳව දැනගැනීමටත් මෙවර වැඩසටහනට සජීවීව සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබෙනු ඇති.