
Tarzan: The Epic Adventures රූපවාහිනී කතාමාලාවේ Tarzanගේ චරිතය තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් Joe Lara පසුගිය සෙනසුරාදා දිනයේදී ගුවන් අනතුරකින් ජීවීතක්ෂයට පත් වෙලා තියෙනවා.
ඔහු ගමන් කරමින් තිබූ Cessna Citation 501 වර්ගයට අයත් පෞද්ගලික ජෙට් යානය, Tennessee ප්‍රාන්තයේ Smyna නගරයට නුදුරින් පිහිටා තිබෙන Percy Priest ජලාශයට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ. ඔහුගේ බිරිඳ ඇතුළු තවත් හය දෙනෙකු මෙහි ගමන් කර ඇති අතර, අනතුරින් කිසිම අයෙක් ජීවිත බේරාගෙන නැහැ. 1988දී Night Wars හරහා රංගනයට එකතු වුණු Joe Lara Warhead, Armstrong වැනි ක්‍රියාදාම සිනමාපට තුළින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුණා.
නමුත් 1989 වසරේ නිකුත් වුණු Tarzan in Manhattan සිනමාපටයත්, 1996දී Tarzan: The Epic Adventures රූපවාහිනී කතාමාලාවත් නිසා බොහෝ දෙනා ඔහුව හඳුනා ගත්තේ ටාසන් චරිතය නිසායි. පසුකාලීනව රංගන ජීවීතය නිමා කරමින් සංගීත ක්ෂේත්‍රයට පැමිණි ඔහු 2009 වසරේදී Joe: The Cry of Freedom නමින් සංගීත ඇල්බමයක් පවා නිකුත් කළා.
මිය යන විට ඔහු 58 වියෙහි පසු වුණා.