Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

“කබඩි”ජුනි මාසයේ ඔස්ට්‍රේලියාවට.

$
0
0

2003 වසරේදී තිරගත වූ Okkadu තෙළෙඟු සිනමාපටය සහ 2004 වර්ෂයේ තිරගත වෙමින් ලාංකීය ප්‍රේක්ෂකාගාරය තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Ghilli දමිළ චිත්‍රපටය ඉන්දීය සිනමා රසිකයින්ට නම් අමතක වෙන්න විදහක් නැහැ. මේ චිත්‍රපට දෙකම ආශ්‍රයෙන් එහි ප්‍රතිනිර්මාණයක් විදිහට සිංහලෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටය තමයි “කබඩි”. පසුගිය අප්‍රේල් මාසයේ 16 වැනිදා සිට තිරගත වීම් ආරම්භ කෙරුණත් කොරෝනා වසංගතය නැවත දරුණු ලෙස ව්‍යාප්ත වීම හෙතුවෙන් චිත්‍රපටය තිරගත කිරීම් නවතා දැමුනා.

කෙසේ වෙතත් කබඩි චිත්‍රපටය ඕස්ට්‍රේලියානු සංචාරයකට සූදානම් වන ප්‍රවෘත්තිය අපි ලාංකීය සිනමා රසිකයින් වෙත සතුටින් දැනුම් දෙනවා. ජුනි මස 20 වැනිදා සිට එතෙර සිටින ලාංකිකයින් පිරිසක් වෙනුවෙන් කබඩි තිරගත කිරීමට සියල්ල සූදානම්. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීම “කබඩි” තිරගත කෙරෙනු ඇති.

✅Australian Screenings List
🎬 20th June – Brisbane (DENDY – Cooparoo)
🎬 27th June – Adelaide (HOYTS – Tea Tree Plaza)
🎬 27th June – Melbourne Screening 1 (Village – Fountain Gate)
🎬 4th July – Melbourne Screening 2 (Village – Werribee)
මේ වනවිට චිත්‍රපටය තිරගත කෙරෙන ස්ථාන, දිනයන් සහ වේලාවන් පිලිබඳ නිවේදනය කරලා තියෙනවා වගේම අනිකුත් නගර සඳහා තිරගත කෙරෙන ආකාරය ගැන ඉදිරියේදී දැනුවත් කරන බවත් නිෂ්පාදක කණ්ඩායම පවසනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල සිනමා රසිකයින්ට “කබඩි” ඔබට ආසන්නතම දර්ශන වාරයෙන් නරඹන්න කියලත් අපි මතක් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles