Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

පියුමි හංසමාලි චිත්‍රපට නිළියක්……?

$
0
0

පියුමි හංසමාලි කියන චරිතය විවිධ හේතු නිසා විටින් විට කතාබහට ලක්වන පුවත් මවන චරිතයක්. මේ දවස් වලත් ඇය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම Social media කතාබහ වෙනවා. ඒ කොහොම වුනත් පියුමි හංසමාලි කියන්නෙ ඇත්තටම කවුද..? ඇය ප්‍රසිද්ධ වුනේ කොහොමද කියන කාරණය ගැන පොදුවේ බොහෝ දෙනෙක් විවිධ අදහස් දරනවා වුනත්, පියුමි “නිළියක්” වුනේ කොහොමද කියන කාරණය ගැන නම් බොහෝ දෙනෙක් හරිහැටි දන්නා බවක් පෙනෙන්නට නැහැ.

2018 වසරේ තිරගත වුනු “වසානයේ සඳ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය විසින්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පියුමි හංසමාලි රංගනයෙන් දායක වුනා. අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා, ඇන්ජලෝ සංජීව් අනිකුත් චරිත රඟපෑ මේ චිත්‍රපටයේ මිහිරිගේ චරිතය පියුමි හංසමාලිට ලැබී තිබුනා. ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ රූගත කිරීම් සිදුකළ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ Sydney හිදී එහි International premiere පවත්වා තිබුනා.

දැනට වසර දෙකකට පමණ පෙර ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමටත් ඇයට අවස්ථාව ලැබුනු බව තොරතුරු වාර්තා වුනා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සහ පියුමි හංසමාලි මෙම මලයාලම්  චිත්‍රපටයේ රඟපාන බවත්, එහි රූපගත කිරීම් හැකි ඉක්මනින්ම පටන් ගන්නා බවත් අන්තර්ජාලයේ තොරතුරු පළවුනා. Lucknow නැමැති එම සිනමාපටයේ දර්ශනවල ඡායාරූප කිහිපයක් පවා ප්‍රේක්ෂකයින් අතරේ හුවමාරු වුණත් කලක සිට එහි කිසිදු තොරතුරක් යාවත්කාලීන වුණේ නැහැ. ඉන්දියාවේ අතිශය දරුණුවට පැතිරී යන කෝවිඩ්-19 වසංගත තත්වය නිසා චිත්‍රපටයේ අවසාන රූගත කිරීම් කිහිපයට බාධා ඇති වුනු බවයි නිෂ්පාදකයින් පවසන්නේ. ඔවුන්ට ඉක්මනින් රූපගත කිරීම් අවසාන කිරීමට හැකියාවක් ලැබුණහොත්, මෙම වසරේ අග භාගයේදීම හෝ ලබන වසරේ මුල භාගයේදී Lucknow නැරඹීමට අපට අවස්ථාවක් ලැබෙන්නට පුලුවන්.  Mythili, Sudheer Karamana, Ramakrishnan වැනි ශිල්පීන් සෙසු රංගනයෙන් දායක වන මෙය Anil Kumarගේ දෙවන අධ්‍යක්ෂණයයි. Iris Green Films International නිෂ්පාදනයකි. Lucknow සිනමාපටය සිංහල, මලයාලම් සහ දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත වීමට නියමිතයි.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>