
මාධ්‍යවේදී ලලිත් රෝහිත එදිරිසිංහ සිනමා ආගමනය සනිටුහන් කරන “තට්ටු දෙකේ ඉස්කෝලේ” නම් වූ ළමා චිත්‍රපටය එළෙඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්‍තයේ නගර 24 ක ප්‍රදර්ශනය කිරීමට මේවන විට සැලසුම් සකස් වී තිබෙනවා.
ජගත් චමිල සමග ළමා නළු නිළියන් වන සුදම් කටුකිතුල, තෙෂලි දෙව්මිනි, දුලංක ඒකනායක, ඉමාෂ් ලක්ෂාන් ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටය නිශාන්ත ප්‍රගීත්ගේ නිෂ්පාදනයක්. චිත්‍රපටයේ සෙසු චරිතවලට මංජුලා කුමාරි, ප්‍රියන්ත සිරිකුමාර, දමිතා අබේරත්න, නයනා හෙට්ටිආරච්චි, මෞලි ෆර්ඩිනැන්ඩු රංගනයෙන් දායක වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පදිංචි මාලක යාපා විසින් සභාපතිත්වය දරන “Mega Live Events” සමාගම විසින් විසින් “තට්ටු දෙකේ ඉස්කෝලේ” ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ බෙදාහැරීමට කටයුතු කොට තිබෙනවා. මෙම චිත්‍රපටය එම සමාගම විසින් 2021 වසරේ ඕස්ට්‍රේලියාවේ බෙදාහරින 07 වෙනි ශ්‍රී ලාංකේය සිනමාපටය වනවා.
ගින්දරී-2 (උදයකාන්ත වර්ණසූරිය), කවුරුවත් දන්නෙ නෑ (බෙනට් රත්නායක), මිස් ජෙනිස් (සුසිරන්ද සිල්වා), ඇවිලෙන සුළුයි (චින්තන ධර්මදාස), හිතුමතේ ජිවීතේ (ක්‍රිෂාන්ත මනම්පේරි) හා කබඩි (හර්ෂ උඩකන්ද) යන චිත්‍රපට හය, “Mega Live Events” සමාගම විසින් මේ වසරේ මේ වනවිට බෙදාහැරි, බෙදාහරිමින් පවතින හා බෙදාහැරීමට නියමිත චිත්‍රපට වනවා.