
Akshay Kumarගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සිනමාපටයක් විදිහට හැඳින්වෙන Khiladiyon Ka Khiladi, පසුගිය ජූනි 14වනදා සිය 25වන සංවත්සරය සැමරුවා.,. ඔබත් මේ චිත්‍රපටය නැරඹු අයෙක් නම් එහි එක් ජවනිකාවක් වන ආක්ෂේ සහ The Undertakerගේ සටන හොඳින්ම මතක ඇති. චිත්‍රපටයේ 25වන සැමරුම සිදු වුණු පසුගියදා මේ සටන් ජවනිකාව මුල් කරගනිමින් කිසිවෙකුත් නොහිතපු විදිහේ අපූරු සිදුවීමක් වුණා. ඒ තමයි The Undertaker විසින් Akshayට සැබෑ WWE තරඟයක් සඳහා ආරාධනා කිරීම.
Khiladiyon Ka Khiladi සිනමාපටයට අනුව Undertaker හා Akshay Kumar අතර සටන් තරඟයෙන් Akshay ජය ලබනවා. ඔහු විසින් Undertakerව පරාජයට පත් කරමින් තරඟයේ ජයග්‍රහණය ලබා ගන්නා ආකරයටයි චිත්‍රපටයේ කතාව ගොඩ නඟා තිබුණේ. ඉතින් චිත්‍රපටයේ 25වන සංවත්සරය යෙදී තිබූ මෙම ජුනි 14වනදා ආක්ෂේ විසින් අපූරු Instagram පළකිරීමක් තමන්ගේ රසිකයින් සමඟ බෙදා ගත්තා. කිසිවෙකුත් නොහිතපු ආකාරයට Viral වූ එය අවසානයේදී නැවතුණේ Undertaker ලඟින්.
සිද්ධියේ අපූරුම අවස්ථාව දැනුයි. Akshay Kumarගේ Instagram පෝස්ට් එකට comment කළ Undertaker, ඔහු හා නැවත තරඟයක් තමන්ට අවශ්‍ය බව කියා සිටියා. මෙවැනි දෙයක් සිදුවෙතැයි ඔහු නම් කිසිවිටෙකවත් සිතන්නට නැතුවැති.
“ Ha! Tell me when you’re ready for a REAL rematch! ”
ප්‍රමාද නොවූ Akshay ඉක්මනින්ම ඊට පිළිතුරු ලබා දුන්නේ ඇතැම්විට තම රසිකයින් වැරදි වටහාගැනීමක් ඇති කරගනු ඇතැයි සිතූ නිසා වෙන්නටත් පුලුවන්. කෙසේ වෙතත් ඔහු විහිලුවෙන්ම Undertakerට පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි.
“ @undertaker Let me check on my insurance and get back, bro! “
WWE ඉතිහාසය තුළ බිහි වුණු දැවැන්තම සටන් තාරකාව තමන්ගේ සුපර්ස්ටාර් වෙනුවෙන් කොමෙන්ට් කිරීම, බොහෝ Akshay රසිකයින්ට සතුටුදායක මොහොතක් වී තිබුණලු. පහුගිය දින කිහිපයේ ඉන්දියානු ගොසිප් සයිට්ස් බොහෝමයකම වගේ උණුසුම්ම පුවත වුණෙත් මෙයයි.

