
ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් බිහිවූ සාර්ථකම Super-Hero Movie Franchise එකක් විදිහටයි Krrish චිත්‍රපට මාලාව හැඳින්වෙන්නේ. Krrish චිත්‍රපට මාලාව ලබාගත් ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ගණන වගේම Box Office ආදායමත් සෑහෙන්න ඉහළයි. ඒ සාර්ථකත්වය නිසාම පසුකාලීනව Krrish ඇසුරෙන් ඇනිමේෂන් කතා මාලාවක් පවා නිර්මාණය වුණා. මේ ගැන කතාව නැවතත් කරළියට පැමිණියේ, Krrish සිනමාපටයේ 15වන සංවත්සරය සමරන අද දිනයේදී Hrithik Roshan විසින් Krrish 04 චිත්‍රපටය ගැන අලුත්ම ඉඟියක් මාධ්‍යයට නිරාවරණය කිරීමත් සමඟයි.
දැනට වසර ගණනාවක සිටම ගොසිප් වෙබ් අඩවි Krrish 04 ගැන විවිධ තොරතුරු අණාවරණය කළත්, සිනමාපටය පිළිබඳව නිළ තොරතුරු බොහෝමයක් තවමත් මාධ්‍යයට කියලා නැහැ. එවන් පසුබිමකයි, Hrithik Roshan විසින් තම Instagram පිටුව හරහා නවතම යාවත්කාලීනකිරීමක් සිදු කළේ. මෑතකාලීනව Hrithik විසින් බොහෝ සිනමාපටවල රඟපෑම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුගේ නිර්මාණ බොහෝමයක් දැකගන්න අවස්ථාවකුත් රසිකයින්ට ලැබුණේ නැහැ. නමුත් දිගු කාලයකට පසුව ඔහු රංගනයෙන් දායක වුණු WAR සිනමාපටයේ අතිදැවැන්ත සාර්ථකත්වය, රිතික්ගේ තරු ගුණය පිළිබඳව නැවත නැවතත් බොලිවුඩයේ සපථ කළා.
පළමු Krrish සිනමාපටය නිකුත් වූයේ 2006 වසරේදීයි. Koi Mil Gaya චිත්‍රපටය continue කරමින් 2006 වසරේදී තිරගත වුණු එම පළමු Krrish චිත්‍රපටයට පසු දෙවන සීක්වල් නිර්මාණය Krrish 3 නමින් 2013දී නිකුත් වූවා. “Krrish 04” සඳහා පාදක වෙන්නේ එතනින් පසු සිද්ධි දාමයක් බවටයි බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ නමුත්, Krrish හි අධ්‍යක්ෂක Rakesh Rohan විසින් තවමත් මේ ගැන කිසිම විස්තරයක් ප්‍රකාශ කරලා නැහැ. තමන් Krrish 04 තිර පිටපත ලියමින් සිටින බව පමණයි ඔහු තවමත් තහවුරු කර තිබෙන්නෙ.
එහෙත්, Krrish සිනමාපටයේ 15වන සංවත්සරය සමරන අද දින රිතික් විසින් මෙවැනි පළකිරීමක් කළේ ඇයි දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට පටන් අරගෙන. සිනමා විචාරකයින් පවසන්නේ කෝවිඩ් තත්වය යම් තරමක් දුරකට හෝ පාලනය කළ ඉක්මනින්ම මෙහි රූපගත කිරීම් ඇරඹෙනු ඇති බවයි. මේ වන විට Rakesh Rohan තම පිටපත ලියා අවසන් කර ඇතැයි ද ඔවුන් පවසනවා. කලකට පෙර Rakesh සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ, “මෙතෙක් කාලයකට ඉන්දියානු සිනමාව විසින් බිහි කළ දැවැන්තම Super-Hero අත්දැකීම තම Krrish 04 චිත්‍රපටය හරහා ලබා දෙන” බවයි. වෙනත් Super Hero සිනමාපට සමඟ අන්තර්ජාතිකව අභියෝග කළ හැකි ප්‍රමිතියකටම Krrish 04 නිෂ්පාදනය කරන බවත් ඔහු පැවසුවා.
මෙවැනි කරුණු නිසාම, Krrish 04 තිරගත වෙනකන් බොහෝ ඉන්දියානු රසිකයන් සිටින්නේ ඇඟිලි ගනිමින්. ඇතැම් ආරංචිවලට අනුව 2022 හෝ 2023 වසරේදී Krrish 04 තිරගත කරන්නට ඉඩක් තියෙනවාලු. නමුත් මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ කොවිඩ් වසංගතයේ බලපෑම අනුවයි.