Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

2021 වසරේ, මග නොහැරිය යුතු චිත්‍රපට – #3

$
0
0

2021 වර්ෂයේ ලෝක සිනමාවේ නිකුත් වුණු ජනප්‍රිය සහ ගුණාත්මක සිනමාපට පෙළ ගස්වමින් ඔබට ගෙන එන Best so Far: 2021 ලිපි මාලාවේ තෙවැන්න මෙලෙසි අපි ඔබට ගෙන එනවා. වසරේ දැවැන්තම සහ සිනමා රසික ඔබේ ලැයිස්තුවෙන් මග නොහරගත යුතු  සිනමා අත්දැකීම් කිහිපයක් පිළිබඳව මේ සටහනින් අපි ඔබට කියන්න සූදානම්.

1. Rang De (Telegu)

Rang De සිනමාපටය දැනට දින කිහිපයකට පෙර නිකුත් වූ නවතම තෙළෙඟු භාෂා නිර්මාණයක්. චිත්‍රපටයේ කතා තේමාව සරල ආදර කතාවකට සීමා වන නිසාම, බොහොම  Relaxing mood සිනමාපටයක් විදිහට හඳුන්වන්නත් පුලුවන්. පෙම්වතුන් යුවලගේ චරිත සඳහා Nithin සහ Keerthy Suresh එක්ව සිටින මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ Venky Althuri විසිනුයි.
Venky විසින් මීට පෙර නිර්මාණය කළ සිනමාපට ලැයිස්තුවෙන් Mr Majnu, Tholi Prema ආදී චිත්‍රපට බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. Rang De ගලා යන්නේද එවැනිම සරල ආදර කතාවක ආකෘතියකයි. නමුත් බොක්ස්-ඔෆිස් ආදායම අතින් නම් මේ සිනමාපටයට සාර්ථක වන්නට හැකි වුණේ නැහැ.

2. Maara (Tamil)

2015දී නිකුත් වුණු Charlie මලයාලම් සලරුව ලංකාවේ අති බහුතරයක් දෙනා ආදරයෙන් වැළඳගත්තා. Maara හැඳින්වෙන්නෙත්, චාලි සිනමාපටය ඇසුරෙන් සහ ඒ plot එක ආශ්‍රිත කරගෙන බිහිවුණු නිර්මාණයක් විදිහට. Charlie හි දැකගන්න ලැබුණු අලංකාර භූමි දර්ශන සහ පාරිසරික අලංකාරීත්වය, Maara (2021)ටත් ඒ විදිහටම පොදුයි. Madhavan හා Shraddha Srinathගේ Cinematic Chemistryය චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු ලොකු Plus point  එකක්. නමුත්, Maara චිත්‍රපටය Charlie හි ප්‍රතිනිර්මාණයක්(remake) නොවන බවටත් විශේෂයෙන්ම කිව යුතුයි. චිත්‍රපට ද්විත්වයේ තිබෙන්නේ වෙනස්ම අවසානයන් දෙකක්. Charlie චිත්‍රපටයේ බොහෝ Iconic සිදුවීම් පවා Maara තුළ නැහැ. කෙසේ වෙතත් මුල් නිර්මාණය පාදක කරගනිමින් අලංකාර Visual Treat එකක් මවන්නට අධ්‍යක්ෂක Dhilip Kumar සමත් වූ බවයි බොහෝ දෙනාගේ අදහස.

3. Cruella (English)

Disney live-actions චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම විදිහටයි, 2021 වසරෙදි Cruella සිනමාපටය අන්තර්ජාලයට නිකුත් වෙන්නේ. චිත්‍රපටය මුල ඉඳන්ම Emma Stoneගේ හරිම Powerful රංගනයක්  ප්‍රේක්ෂකයාට දැකගන්න පුලුවන්. වෙනත් විදිහකට විස්තර කළොත්, Cruella චිත්‍රපටයට නරඹන්නාව ඇඳ බැඳ තබාගන්න ප්‍රධානම හේතුව වෙන්නෙත් ඇයමයි. Cruella Trailer එකේ සිටම බොහෝ දෙනා මඟ බලා සිටි සලරුවක් වශයෙනුත් මෙය හඳුන්වන්න පුලුවන්. සමස්තයක් විදිහට, නරඹන්නන්ගේ බලාපොරොත්තු කිසිවිටෙකටත් කඩ නොවී ගලා යන Cruella චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම නිර්මාණයක් ලෙසත් රෙකමදාරු කරන්න හැකියි.
සිනමාපටයේ ඇඳුම් නිර්මාණයටත් බොහෝ පැසසුම් ලැබුණා. මේ වෙනුවෙන්ම විවිධ ආකාරයේ Costumes 275කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කළ බවකුත් අන්තර්ජාලයේ සඳහන්.

4. Seobok (Korean)

කොරියන් සිනමාපට ප්‍රිය ඔබ වෙනුවෙන්ම මෙම වසරේ එළි දැක්වූ ගුණාත්මක නිර්මාණයක් විදිහට Seabok හඳුන්වනන්ට හැකියි. මෙහි IMDb අගය පවා 6.8ක ඉහළ ප්‍රතිශතයක රැඳී තිබෙනවා.
මිනිස් ක්ලෝන නිෂ්පාදනයක් වටා ගෙතෙන කතාවට එක් පසෙකින් සම්බන්ධ වන්නේ කොරියානු බුද්ධි සේවාව සහ අනෙක් පසින් පෞද්ගලික මැරවරයින්. මේ සියල්ලටම මැදිවන්නේ මින්-හුන් නැමැති විශ්‍රාමික බුද්ධි නිලධාරිවරයායි. Spy, Thriller, Action කාණ්ඩවල කොරියානු සිනමාපට ප්‍රිය කරන රසිකයන් වෙනුවෙන්ම Seabok නිර්දේෂ කරන්න පුලුවන් අපූරු චිත්‍රපටයක් මේ.

5. Luca (English Animation)

Pixar කියන්නෙ කවදාකවක් ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩ කරන ස්ටූඩියෝවක් නෙමෙයි. ඒ නිසාම Luca වෙනුවෙනුත් දෙන්න තියන්නෙ උපරිම ධනාත්මක ආකාරයේ ප්‍රතිචාරයක්. Luca ඇනිමේෂන් චිත්‍රපටියේ රාක්ෂකයින් වර්ග දෙකක් දැකගන්න පුලුවන්. මුල්ම කාණ්ඩේ, ගොඩබිම මිනිසුන් බය වෙන මුහුදු රාක්ෂයින්.
අනිත් කාණ්ඩය, මුහුදු මිනිසුන් බය වෙන ගොඩබිම රාක්ෂයින්.

මේ තමයි කතාවේ සාරාංශය. පුලුවන් තරම් ඉක්මනින් cinema.lk වෙබ් පිටුව හරහා Luca ගැන සම්පූර්ණ විස්තරයක් පළකරන්න ඉන්න නිසාම මේ ගැන මෙතනින් එහාට විස්තරයක් කරන්නෙ නැහැ. හැබැයි මතක ඇතුව Luca බලන්න. මිස් වෙන්නෙ ජීවිතයෙ බලපු ලස්සනම ඇනිමේෂන් නිර්මාණයක් වෙන්නත් බැරි නැහැ.

6. Kho-Kho (Malayalam)

ලංකාවේ අපිට නුපුරුදු වුණත්, කො-කෝ ක්‍රීඩාව ඉන්දියාවට නුහුරු නැහැ. කේරළ ප්‍රාන්තයෙත් කො කෝ ක්‍රීඩාවට ලොකු ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. Kho Kho චිත්‍රපටයත් මේ ක්‍රීඩාව ගැන කතා කරන නිර්මාණයක්. කේරළයේ දුෂ්කර පළාතක පිහිටි බාලිකා පාසලක සිට කො කෝ ක්‍රීඩාව පුහුණු කරවන ගුරුතුමියකගේ ප්‍රධාන චරිතය Rajeesha Vijayana විසින් රඟ දක්වනවා. ඇය Danushගේ Karnan චිත්‍රපටිය හරහාත් දැකගන්න පුලුවන් වුණා. ඒ නිසාම ලංකාව තුළත් යම් සැලකිය යුතු ප්‍රේක්ෂකාගාරයක් Rajeesha වෙනුවෙන් සෑදී අවසන්. ඇගේ June චිත්‍රපටයත් මලයාලම් රසිකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රියයි.

Box-Office ආදායම් වාර්තාවලින් සාර්ථක ගමනක් යෑමට නොහැකි වුණත් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාගන්න සමත් වුණු මෙය අධ්‍යක්ශණය කරන්නේ Rahul Riji Nair. ඔහුත් කැමියෝ චරිතයකින් එක්වී සිටිනවා.

තවත් අලුත් චිත්‍රපට ගැන වගේම ලෝක සිනමාවේ රසබර තොරතුරුත් ඔබ වෙනුවෙන් ගෙන එන්න අපි අලුත් විශේෂාංග කිහිපයක්ම හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ චිත්‍රපට නරඹන්න ලැබුණු ප්‍රේක්ෂකයිට ඒ ගැන ඔබේ අත්දැකීම් ප්‍රතිචාර විදහට සටහන් කරන්න කියලත් අපි මතක් කරනවා.

පෙර ලිපි ද්විත්වයත් කියවන්න…..

Emma Stone as Cruella in Disney’s live-action CRUELLA. Photo courtesy of Disney. © 2021 Disney Enterprises Inc. All Rights Reserved.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>