Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2375

“ආකි බෝයි”ගේ Bell Bottom එළඹෙන 27 වැනිදා රිදී තිරයට.

$
0
0

වසංගත තත්වය තුළ පවා තම සිනමා ගමන ස්ථාවරව පවත්වා ගනු ලැබූ ඉන්දිය රංගන ශිල්පීන් ලැයිස්තුවේ Akshay Kumarගේ නම ඉහළින්ම සටහන් වනවා. ඉදිරි වසර එකහමාරක දෙකක කාලයකට පවා සෑහෙන තරමේ සිනමාපට ප්‍රමාණයක් ඔහු විසින් දැනටමත් අවසන් කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ Akshayගේ සෑම සිනමාපටයක්ම ලබා ගත් අතිශය ඉහළ Box-Office ආදායම නිසාම, මෑතකාලීන ආසියානු සිනමාව තුළ සිටින ධනවත්ම රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීමට පවා ඔහුට අවස්ථාව ලැබුණා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත Sooryavanshi, Atrangi Re, Ramsetu, Bachchan Pandey වැනි Akshey Kumarගේ සිනමාපට අතරින් Bell Bottom සිනමාපටයටත් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් ලැබී තිබුණා. මෙම සිනමාපටයේ Akshey විසින් රඟපානු බලන්නේ රෝ (RAW) බුද්ධි අංශ නිලධාරියෙකුගේ චරිතයක්.‍ මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ 80 දශකයේ සිදුවීම් මාලාවක්.

Bell Bottom සිනමාපටය Direct OTT platform එකක් ඔස්සේ නිකුත් වනු ඇති බවට කලක සිටම බොහෝ කටකතා සහ ආරංචි පැවතුණා. පවතින වසංගත තත්වය නිසා මෙය සිනමාශාලා ප්‍රදර්ශනයට ලබා නොදී Disney+ Hotstar හෝ Prime Video IN වැනි මාධ්‍යයක් තුළින් අන්තර්ජාල ප්‍රදර්ශනයට නිකුත් කරන බවටයි ඒවායෙන් පැවසුණේ. නමුත් පසුගියදා, චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් විසින්ම මේ පිළිබඳව නිල නිවේදනයක් අන්තර්ජාලයට නිකුත් කළා.

එළඹෙන ජූලි 27වනදා සිට ලොව පුරා සිනමාශාලාවල Bell Bottom තිරගත වන බව ඔවුන් දැනුම් දුන්නා. ඒ අනුව, Bell Bottom සිනමාපටය කිසිම විටෙක සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් OTT platforms ඔස්සේ පමණක් නිකුත් නොවේවි. Ranjith M Tewari විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය Pooja Entertainments නිෂ්පාදනයක්. සම්මානිත අධ්‍යක්ෂක Rajeev Ravi කැමරා අධ්‍යක්ෂණයෙන් එකතු වූ මෙහි සංගීතය Tanishk Bagchiගෙන්.

 

Share


Viewing all articles
Browse latest Browse all 2375

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>