
අධ්‍යක්ෂක Sanjay Leela Bhansaliගේ නවතම චිත්‍රපටය වන Gangubai Kathiawadi හි රූපගත කිරීම් සියල්ලම සිදු කර අවසන් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. Alia Bhattගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන මෙය ඉන්දියාවේ කුප්‍රකට පාතාල නායිකාවක් වටා ගෙතුණු සත්‍ය කතා පුවතක්. Hussain Zaidi විසින් රචිත “Mafia Queens of Mimbai” ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය වෙන මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණයද Sanjay Leela Bhansali විසින්ම සිදු කරනු ලබයි.
Gangubai Kathiawadi සිනමාපටයේ රූපගත කිරීම් ඇරඹුණේ 2019 වසරේ දෙසැම්බර් 08 වනදායි. පසුගිය ජුනි 27වනදා චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම් අවසාන වන විට වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී අවසන්. මෙහිදී ආරම්භයේ සිටම බොහෝ දුෂ්කරතා සහ බාධාකිරීම්වලට මැදිවන්නට නිෂ්පාදක කණ්ඩායමට සිදු වුණා.
රූපගත කිරීම් ආරම්භ කර කෙටි කාලයක් ඇතුළතදීම ගංඟුභායි විසින් දරුකමට හදාගත් පුත්‍රයෙකු චිත්‍රපටයට විරුද්ධව චෝදනා එල්ල කළා. මේ සිනමාපටය හරහා තමන්ගේ මවගේ නමට කැළැලක් ඇති වන බවත්, සිනමාපටය තුළින් සිදුවන්නේ තමන්ගේ මවගේ ආත්ම ගරුත්වය කෙළසීමක් වන බවත් Babuji Rawji Shah නැමති මෙම තැනැත්තා ප්‍රකාශ කොට තිබුනා. අවසානයේදී ඔහු නඩු මඟට පිවිසි අතර මෙම හේතු සැලකිල්ලට ගනිමින් අධ්‍යක්ෂක Sanjay Leela Bhansali, නිළි Alia Bhatt සහ තවත් කීප දෙනෙකුටම ඉන්දීය අධිකරණයෙන් සිතාසි නිකුත් කළා.
මෙම නඩු කටයුතු අවසානයේදී රූපගත කිරීම් යළි ඇරඹුණත් ඉන්දියාවේ Covid වසංගතය උග්‍ර වීමෙන් නැවතත් සියලුම නිෂ්පාදන කටයුතු අතරමඟ ඇණ හිටියා. නිෂ්පාදක කණ්ඩායමේ කීපදෙනෙකුටම Covid-19 වැළදුණා. රජය විසින් දිවයිනටම Lockdown තත්වයක් ප්‍රකාශ කළා. 2020 වසරේ පෙබරවාරි පමණ වෙද්දී නිෂ්පාදන කටයුතු නිමාකර එම වසරේදීම තිරගත කිරීමට සිටි Gangubai Kathiawadi සිනමාපටය දින නියමයක් නොමැතිවම කල් දැම්මේ, මේ වාතාවරණය තුළයි. නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී යළි ආරම්භ වූ රූගත කිරීම්, බොහෝ බාධා මධ්‍යයේ මෙලෙස හෝ අවසන් වීම තමාට සතුටු විය හැකි කාරණයක් බව අධ්‍යක්ෂ Sanjay Leela Bhansali ප්‍රකාශ කළා. Aliba Bhaatට අමතරව Ajay Devganද මෙයට රංගනයෙන් දායක වනවා. Ajay Devgan සහ Sanjay Leela Bhansali යළිත් සිනමාපටයක් වෙනුවෙන් එකට එක් වන්නේ වසර 22කට පසුවයි.
රූපගත කිරීම් අවසාන වුණු පසුගිය 27වනදා Alia විසින් තම Instagram ගිණුමෙහි සංවේදී සටහනක් තැබූයේ මේ ආකාරටයි.
“We started shooting Gangubai on the 8th of December 2019 .. and we wrapped the film now 2 years later. This film and set has been through two lockdowns.. two cyclones.. director and actor getting covid during the making!!! the troubles the set has faced is another film altogether. But through all that and more.. what I take away is the gigantic, mind-blowing, heart-wrenching life-changing experience. Being directed by sir has been a dream all my life, but I don’t think anything would have prepared me for the journey I was on for these two years.. I walk out of this set a diff person today
I love you, sir.. Thank you for being you .. there is truly NO ONE like you. When a film ends a part of you ends with it! Today I’ve lost a part of me.. Gangu I love you! You will be missed
P.S – & a special mention to my crew! my family and my friends for these two years. Without you, nothing would have been possible! Love you guys!!!”
මුලදී 2021 ජූලි මස 30 වනදා තිරගත කිරීමට සැලසුම් කර තිබුණු මෙහි වැඩිදුර තොරතුරු නුදුරු අනාගතයේදීම ප්‍රේක්ෂකයින්ට දැනගන්නට හැකි වේවි.



