
දකුණු ඉන්දීය සිනමාවේ සාර්ථකම වාණිජ චිත්‍රපට බිහිවෙන බවට සැලකෙන්නේ තෙළංගානා හා ආන්ද්‍රා ප්‍රදේශ් මුල් කරමින් ගොඩ නැඟුණු තෙළිඟු සිනමා කර්මාන්තයෙනුයි. වර්තමාන තෙළිඟු සිනමාවේ ජනප්‍රියම තරුණ පුරුකක් ලෙස හැදින්වෙන රංගන ශිල්පී Ram Pothineniගේ නවතම සිනමාපටයක් ගැන විස්තර පසුගියදා මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
ඊට සමගාමීව නිෂ්පාදකවරුන් විසින් සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් අන්තර්ජාලයට එක් කළ අතර Ram Pothineniගේ රසිකයින් අතරේ චිත්‍රපටය පිළිබඳ දැඩි උද්වේගයක් ඇති වී තිබෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. නිල නිවේදනයක් දැනුම් දෙන තුරු, මීට මාස ගණනකට පෙර සිටම RAPO19 ලෙසින් ගොසිප් අඩවි වාර්තා කළේ මේ සිනමාපටය ගැනයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ දමිළ සිනමාවේ සිටින සාර්ථක වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන N. Lingusamyයි.
Sandakozhi, Paiyaa, Anjaan, Anandham වැනි box – office සිනමාපට රාශියක් නිර්මාණය කළ N. Lingusamyගේ පළමු තෙළිඟු චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්! ලින්ගුසාමි විසින් අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයක්ම පාහේ දමිළ සිනමාවේ ජනප්‍රිය ක්‍රියාදාම නිර්මාණ වන නිසා මේ චිත්‍රපටයත් ක්‍රියාදාමවලින් නොඅඩු mass entertaining චිත්‍රපටයක් වෙතැ යි සිනමා රසිකයින් බලාපොරොත්තු වනවා.
Ram Pothineniගේ මෙම නවතම සිනමාපටය නම් කර තිබෙන්නේ The Warriorr යනුවෙනුයි. පසුගියදා එළි දැක්වූ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයේ Ram Pothineni පොලිස් නිල ඇඳුමකින් සැරසී සිටින ඡායාරූපය නිසාම The Warrior ගැන රසිකයින්ගේ කතාබහ යළිත් අලුත් වෙලා තිබෙනවා. මොකද මීට පෙර කිසිදු සිනමාපටයක පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය නොකළ Ram Pothineniගේ පළමු cop චරිතය වෙන්නේ මෙය වීමයි. තුවක්කුවක් අතැතිව තද බැල්මක් සහිතව සිටින Ram Pothineniගේ ඡායාරූපය නිසාම The Warrior තුළිනුත් ලින්ගුසාමිගේ සුපුරුදු ක්‍රියාදාම රිද්මය දැකගන්න ලැබේවි කියලයි රසිකයින් ඉඟි පළ කරන්නේ.
ප්‍රචාරක පෝස්ටරයේ දැක්වෙන අන්දමට Ram Pothineni වටා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් දැකගන්නට ලැබෙන නමුත් ඔවුන්ගේ මුහුණු එතරම් පැහැදිලි නැහැ. කෙසේ නමුත්, ඔහු හැර චිත්‍රපටයේ සෙසු රංගන ශිල්පීන් බොහෝමයක් ගැන තොරතුරු තවමත් නිකුත් වී නොමැති නිසා රසිකයින් ඒ ගැන දැන ගන්නටත් උනන්දුවෙන් පසුවෙන බවක් පෙනෙන්නට තිබෙනවා. සුපුරුදු පරිදිම අපරාධකාරයෙකුට එරෙහිවන පොලිස් නිලධාරියෙකුගේ කතාවක් The Warriorr තුළින් දැකගන්නට ලැබෙන නමුත් එහි plot details ගැන වැඩිදුර විස්තරයකුත් තවමත් මාධ්‍යයට නිකුත් වී නැහැ. තෙළිඟු සිනමාවටම ආවේණික mass fight scenes රාශියක්ම මේ සිනමාපටයෙනුත් අනිවාර්යෙන්ම දැකගන්නට හැකි වේවි.
The Warrior හි ප්‍රධාන කාන්තා චරිතය සඳහා පණ පොවන්නේ Uppena චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රියත්වය පත් වුණු Krithi Shetty විසිනුයි. Super 30 හින්දි චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය පළමු වතාවට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ Buchi Babu Sanaගේ Uppena (2021) චිත්‍රපටය හරහායි. කිසිවෙකු නොසිතූ ජනප්‍රියත්වයක් ලබාගන්නට හැකි වුණු Uppena සිනමාපටය අවසානයේදී ඉන්දීය කෝටි 100කට ආසන්න ආදායමක් පවා හිමි කරගත්තේ එවකට තෙළඟු සිනමාවේ තිබූ ප්‍රාන්තීය ආදායම් වාර්තා රාශියක් අලුත් කරමින්…ඒත් සමඟම Krithi Shettyවත් තෙළිඟු සිනමාගාරය තුළ වේගයෙන් ජනප්‍රිය වුනා. Akkineni Nagarjuna, Akkineni Naga Chaitanya, Sudheer Babu, Nani වැනි ප්‍රාන්තයේ ප්‍රධානම සිනමා තාරකාවන් සමඟ හැපෙමින් big – budget movies රාශියක ප්‍රධාන චරිත රඟපාන්නට ඇයට අවස්ථාව ලැබුනා.
The Warrior හි ප්‍රතිවීර චරිතයක් සඳහා Aadi Pinisetty සම්බන්ධ වන බවට තහවුරු වී තිබුණත් ඔහුගේ චරිතය ගැන නිශ්චිත තොරතුරක් නම් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම රංගනයට සම්බන්ධ වනවා වෙනුවට කාලයත් සමඟම තෝරාගත් නිර්මාණ කිහිපයකට පමණක් රංගනයෙන් එක්වන Aadi Pinisettyගේ පිටපත් තෝරා ගැනීමේ දක්ෂතාවය ගැනත් බොහෝ දෙනෙක් ප්‍රශංසා කරනවා. 2018 වසරේ තිරගත වූ U Turn සිනමාපටයෙන් වසර 04ක් ගත වූ නමුත් Aadi Pinisettyගේ අලුත් සිනමාපටයක් තවමත් තිරගත වී නැහැ. ඔවුන්ට අමතරව හින්දි නිළි Akshara Gowda ද මෙහි වැදගත් චරිතයකට ගිවිසුම්ගත වී තිබෙනවා.
Srinivasa Silver Screens බැනරය යටතේ එළි දැක්වෙන The Warrior සිනමාපටයේ නිෂ්පාදකවරයා වන්නේ Srinivasa Chitturiයි. Devi Sri Prasad හෙවත් DSPගේ සංගීතයෙන් මෙය හැඩවනවා. Allu Arjun රඟපෑ Pushpa: The Rise චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වයත් සමඟ DSPගේ නමත් දැන් ඉන්දියාව පුරාම කියැවෙන නමක්…
Drishyam, Lucifer, 7th Day, Erza වැනි මලයාලම් චිත්‍රපට විශාල ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ; කේරළ ප්‍රාන්ත සම්මානලාභී Sujith Vaassudev විසින් මේ නිර්මාණයෙත් කැමරාකරණය හසුරුවනවා. සංස්කරණයෙන් එක්ව සිටින්නේ Naveen Nooliයි. ඔහුත් පසුගිය වසරේ ඉන්දීය ජාතික සම්මානය දිනා ගත් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.
2006 වර්ෂයේදී Devadasu සිනමාපටයෙන් රංගනයට පිවිසි Ram Pothenniගේ මුල්කාලීන නිර්මාණ බොහෝමයක් සාර්ථක වූයේ නැහැ. පසුකාලීනව සම්බන්ධ වූ Kandireega, Ready, Nenu Sailaja, Hyper වැනි චිත්‍රපට හරහා කෙමෙන් කෙමෙන් ජනප්‍රිය නලුවෙක් වශයෙන් සිය නම තහවුරු කරගත් ඔහු Hello Guru Prema Kosame (2108) චිත්‍රපටයෙන් පසු තරුණ පරම්පරාව අතරේ යළිත් කතාබහට ලක් වූ රංගන ශිල්පියෙකු බවට පත් වුනා.
Ram Pothenni අවසන් වරට රංගනයෙන් එක් වූ Red තෙළිඟු සිනමාපටය බලාපොරොත්තු වූ අන්දමට සාර්ථක නොවුණු නිසා ඔහුගේ රසිකයින් බොහෝ දෙනෙක් දැන් විමසිලිමත් වෙන්නේ The Warrior වෙනුවෙනුයි. Ismart Shankar සිනමාපටයෙන් පසු වසර දෙකක් ගත වී තිබුණත් Ram Pothenniටම ආවේණික energetic action sequences නැවත දැකගන්න අවස්ථාවක් තවමත් ඔවුන්ට ලැබුණේ නැහැ.
චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළි දැක්වුනේ පසුගිය සතියේදී වූවත් එහි රූපගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු ඇරඹුණේ ළඟකදී නොවෙයි. චිත්‍රපටයේ පළමු රූපගත කිරීම් කොටස සිදු වුණේ 2021 වසරේ අග භාගයේදී යි. නමුත් කොවිඩ් වසංගතයේ යළි බලපෑම සහ රාම්ගේ අසනීප තත්වයක් නිසා මාස 04කට අධික කාලයක් නැවතී තිබූ රූපගත කිරීම් යළි අරඹන්නට හැකියාව ලැබුණේ මෙම ජනවාරි 05 වනදා යි.
කොහොම නමුත් The Warrior කියන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ නිශ්චිත යාවත්කාලීන වීමක් නොමැතිව එකතැන නැවතුණු නිර්මාණයක්.
දෙමළ අධ්‍යක්ෂක ලින්ගුසාමි විසින් තමන් පළමු වරට තෙළිඟු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වන බව පැවසුවේ මීට වසර 07කට පමණ පෙර 2016 කාලයේදීයි. චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ පළමු තෝරා ගැනීම අල්ලු අර්ජුන් වුණත්, අල්ලුගේ කාර්යබහුලබාවය නිසාම ඔහුගේ පළමු වෑයම සාර්ථක වුනේ නැහැ. ඉන්පසුව 2019 වර්ෂයේදී Havish Koneruගේ ප්‍රධාන රංගනයෙන් යුක්තව මෙහි රූපගත කිරීම් අරඹන බවට පැවසුවත් කිසිදු නිෂ්පාදන කටයුත්තක් දැකගන්නට ලැබුණේ නැහැ. ඊටත් වසර දෙකකට පසුව 2021 පෙබරවාරි 18 වනදා යළි අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය ගැන නව තොරතුරක් මාධ්‍යයට පැවසමින් Ram Pothenniව ප්‍රධාන චරිතය සඳහා තෝරා ගත් බව දැනුම් දුන්නත් බොහෝ දෙනා එය පිළිගන්නට මැලි වුනා. අගෝස්තු මාසයේදී මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුණේ එවැනි ඇල්මැරුණු තත්වයක් යටතේ යි.
කෙසේ නමුත් මේ වනවිට 2022 වසර තුළම The Warriorr සිනමාශාලා ප්‍රදර්ශනයට යොමු කරන්නට සූදානම් බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
Movie Name : The Warriorr
Directed by : N. Lingusamy
Written by : N. Lingusamy
Produced by : Srinivasa Chitturi
Cast : Ram Pothineni, Krithi Shetty, Aadhi Pinisetty, Akshara Gowda
Cinematography : Sujith Vaassudev
Edit : Naveen Nooli
Music : Devi Sri Prasad
Production Company : Srinivasa Silver Screen
Languages : Telugu & Tamil