
රංගන ශිල්පී Jake Gyllenhaal හොලිවුඩයේ සිටින ප්‍රවීණ චරිතාංග නලුවෙක් වගේම ප්‍රධාන ධාරාවේ වාණිජ සිනමාවේ සහ ඉන් පිටතත්, ඕනෑම චරිතයක් මනාව හසුරුවා ගැනීමට හැකි දක්ෂයෙක්. Romantic Stories, Action Movies, Super Hero Projects, Thrillers වැනි බොහෝ ශානරවල සාර්ථක චිත්‍රපට ගණනාවක් Jake Gyllenhaalගේ රංගනයෙන් හැඩවී තිබෙනවා. Jake Gyllenhaal රඟපෑ චිත්‍රපට ලැයිස්තුවත් හොලිවුඩයේ අනෙකුත් බොහෝ රංගන ශිල්පීන්ට වඩා පුළුල්ව පැතිරුණු නිර්මාණ රාශියකින් සමන්විත වනවා.
Guilty (2021) සිනමාපටයෙන් පසු මේ ලැයිස්තුවට එක්වන, Jake Gyllenhaal රංගනයෙන් සම්බන්ධ වන නවතම සිනමාපටය පිළිබඳව හොලිවුඩ් මාධ්‍ය පසුගියදා තොරතුරු වාර්තා කළා.
“ Cut And Run “ නමින් හැඳින්වෙන මෙම නිර්මාණය Heist – Thriller (මංකොල්ලකෑම්, පැහැරගැනීම් ආදිය පාදක කරගනිමින් නිර්මාණය වෙන චිත්‍රපට) කැටගරියට අයිති වෙන චිත්‍රපටයක් බව සඳහන් වෙනවා. වැඩිදුරටත් පැවසෙන ආකාරයට ක්‍රියාදාමවලින් පිරුණු සාමාන්‍ය සිනමාපටයක් වෙනුවට Actions අභිබවා Thriller හැඟීම ගෙන දෙන සිනමාපටයක් නිර්මාණය කිරීමටයි නිෂ්පාදකයින්ට අවශ්‍ය ව තිබෙන්නේ. නමුත් මීට සම්බන්ධ වී සිටින්නේ ද Jake Gyllenhaal වැනි ක්‍රියාදාම ලෝකයේ දක්ෂයෙකු නිසාම Cut And Run හි Action Sequences ගැන නම් දෙගඩියාවෙන් සිටින්නට අවශ්‍ය නැහැ.
Cut and Run චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ John Glenn විසිනුයි. Clash of the Titans, Law Abiding Citizen වැනි චිත්‍රපට පිටපත් සහ SEAL Team ටෙලි කතාමාලාව ලියා තිබෙන ඔහු පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමු වූයේ Eagle Eye සිනමාපටයේ සාර්ථකත්වයත් සමඟයි. John Glenn විසින් රචිත මෙහි පිටපත වෙනුවෙන් සිනමා ආයතන කිහිපයක්ම විශාල ලංසු තබමින් නිෂ්පාදන අයිතිය ලබා ගන්න තරඟාකරීව කටයුතු කර තිබෙනවා. නමුත් අවසානයේදී එහි අයිතිය හිමි වූයේ New Republic Pictures ආයතනයටයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක භූමිකාවට තවමත් නිශ්චිත පුද්ගලයෙක්ව තෝරාගෙන නැහැ. විවිධ මූලාශ්‍රවල විවිධ අධ්‍යක්ෂකවරුන්ගේ නම් සඳහන් වුණත් Cut and Run නිෂ්පාදක කණ්ඩායමෙන් ඒ ගැන නිල තොරතුරක් වාර්තා වී නැහැ.
පැවසෙන අන්දමට Cut and Run කතා අන්තර්ගතය ගෙතෙන්නේ එක්තරා මංකොල්ලකරුවන් කණ්ඩායමක් වටායි. විශේෂත්වය වන්නේ මොවුන් තමන්ගේ සොරකම් සිදු කරන්නේ මහ මුහුදේදි මිසක ගොඩබිමදී නොවන නිසායි. මේ මංකොල්ලකරුවන්ගේ ප්‍රධානම ඉලක්කය වන්නේ බිලියනපතියන්ගේ සුඛෝපභෝගී යාත්‍රා හා රුවල් නෞකායි. අධි බලැති වේග බෝට්ටු යොදා ගනිමින් මුහුදේ සහ වරායේ නැංගුරම් ලා තිබෙන සුඛෝපභෝගී යාත්‍රා පැහැරගන්නා මොවුන්ගේ කණ්ඩායමේ ඉරණම වෙනස් වන්නේ වැරදි පුද්ගලයෙකුගේ වටිනා දෙයක් පැහැර ගැනීමත් සමඟයි. එතැන් සිට මංකොල්ලකරුවන් සහ ඔවුන්ගේ පසුපස හඹා එන ඝාතකයින්ගේ කතාව Cut and Run සිනමාපටයට මුල් වී තිබෙනවා.
මංකොල්ලකරුවන් කණ්ඩායමේ නායකයාගේ ප්‍රධාන චරිතය Jake Gyllenhaal විසින් නිරූපණය කරන්නට නියමිත බවයි හොලිවුඩ් මාධ්‍යවලින් කියැවෙන්නේ…
ප්‍රධාන චරිතය රංගනයට අමතරව චිත්‍රපටයේ සම නිෂ්පාදනය සඳහාත් Jake Gyllenhaal එක් වී තිබෙනවා. ඒ Gyllenhaalට අයිතිය තිබෙන Nine Stories Productions සිනමා නිෂ්පාදන ආයතනය හරහායි. ඔහුට අමතරව New Republic සිනමා සමාගම වෙනුවෙන් Brian Oliver සහ Bradley Fischer ද තිර රචක John Glenn ද මීට නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා.
මේ වනවිට pre-production අවධියේ තිබෙන මේ සිනමා නිර්මාණයේ රූපගත කිරීම් ඉදිරි මාස කිහිපයේදී ඇරඹීමට නියමිත බවත් පිළිගත් මූලාශ්‍ර බොහෝමයක සඳහන් වනවා. දැනට තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ මුල භාගයේදි යි. කෙසේ වුවත්, කලකට පසු යළිත් Jake Gyllenhaal රඟපාන action-packed thriller චිත්‍රපටයක් නැරඹීමට රසිකයින්ට හැකියාව ලැබෙන බව නම් සනාථයි!
මෙය නිෂ්පාදනය කරනු ලබන Jake Gyllenhaalගේ Nine Stories Productions නිෂ්පාදන ආයතනය, 09කට අධික චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කර තිබෙන ඇමරිකානු සිනමා සමාගමක්. Stronger, The Devil All the Time, The Guilty වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කළ එයින් Tom Clancy’s The Division වීඩියෝ ක්‍රීඩාව නිෂ්පාදනයටත් මුදල් යොදවා තිබෙනවා.
City Slickers (1991) චිත්‍රපටයේ සුලු චරිතයකින් රංගනයට එක්වන Jake Gyllenhaal රංගන ශිල්පියෙකු වශයෙන් රසිකයින් අතරේ ඉස්මතු වන්නේ 199 වසරේ තිරගත වූ October Sky චිත්‍රපටයත් සමඟයි. ඉන්පසුව 2001 වසරේ තිරගත වූ Donnie Darko නැමැති ඇමරිකානු විද්‍යා – ප්‍රබන්ධ චිත්‍රපටය හරහා සැලකියු යුතු විචාරක අවධානයක් තමන් වෙතට යොමු කරගන්නට Gyllenhaal සමත් වුනා.
Moonlight Mile, The Day After Tomorrow, Brokeback Mountain, Prince of Persia: The Sands of Time, Love & Other Drugs සහ Everest වැනි සිනමා නිර්මාණ එක් එක් කාල වකවානුවලදී Jake Gyllenhaalව යළිත් රසිකයින්ට සමීප කළ සිනමාපට…
2014 වසරේදී දැකගන්නට ලැබුණු Nightcrawler චිත්‍රපටය ජේක්ගේ රංගන ජීවිතයම වෙනස් කළ නිර්මාණයක් විදිහටත් බොහෝ දෙනෙක් හඳුන්වනවා. ඇකඩමි සම්මානයකට වගේම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන දෙකකට නිර්දේශ වී තිබෙන මේ රංගන ශිල්පියා British Academy Film Awards හිදී හොඳම සහය නලුවාට හිමි සම්මානය දිනාගන්නටත් වාසනාවන්ත වුනා.
සිනමාපට සහ රූපවාහිනී කතාමාලාවලට අමතරව වේදිකා නාට්‍ය රංගනයටත් Jake Gyllenhaal සම්බන්ධ වී තිබෙනවා. ඔහු This is Our Youth, If There Is I Haven’t Found It Yet, Constellations, Sunday in the Park with George, Little Shop of Horrors වැනි වේදිකා නාට්‍ය ගණනාවකට 2002 වසරේ සිට සක්‍රීයව දායක වූ පුද්ගලයෙක්…