
Shahid Kapoor බොලිවුඩයේ දෙවන පෙළ රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි සිටින ප්‍රධානම තරුවක් වුණත්, ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන තොරතුරු යාවත්කාලීන වන්නේ බොහොම අඩුවෙනුයි. එමෙන්ම, පසුගිය වසර කිහිපය වන තුරුම Shahid වටා බොලිවුඩයේ එතරම් ස්ථාවර (solid) රසිකයින් පිරිසක් සිටියේ ද නැහැ. නමුත් 2018 වසරේදී තිරගත වුනු Padmaavat සහ 2019 වසරේදී තිරගත වුනු Kabir Singh චිත්‍රපටවලින් පසු ඔහුට මුලු ඉන්දියාව පුරාම සැලකිය යුතු ප්‍රේක්ෂකයින් පිරිසක් ආකර්ෂණය වුනා.
සුප්‍රකට අධ්‍යක්ෂක සන්ජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයක් වන Padmaavat ඉන්දීය කෝටි 500කට අධික ආදායමක් රැස් කරගන්නට සමත් වුනු අතර, සන්දීප් රෙඩ්ඩි අධ්‍යක්ෂණය කළ Kabir Singh හි රංගනය වෙනුවෙන් Filmfare Awards හි හොඳම නලුවාට නිර්දේශ වීමට ද Shahid Kapoorට හැකියාව ලැබුනා.
එවැනි චිත්‍රපටවලින් ඔහු එකදිගට ලබා ගත් සාර්ථකත්වය නිසාම රසිකයින් බොහෝ දෙනෙකු සිතා සිටියේ ශාහිඩ්ගේ ඊළඟ නිර්මාණය වූ Jersey සිනමාපටයත් ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වේවි කියා යි. නමුත් කිසිවෙකු නොසිතූ පරිදි Jersey චිත්‍රපටය, වසරේ අසාර්ථකම නිර්මාණ ගොන්නට එක් වූයේ ඉන්දීය කෝටි 20කටත් අඩු ආදායමක් රැස් කරගනිමින්…
Jersey චිත්‍රපටයෙන් පසු ඔහු Raj – DK අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසින් නිර්මාණය කළ නවතම වෙබ් කතාමාලාවකට සම්බන්ධ වූ අතර එහි ඔහු රඟපෑවේ ප්‍රසිද්ධ දමිළ නලු Vijay Sethupathi සමඟිනුයි. Amazon Prime ඔස්සේ නිකුත් වීමට නියමිත ඒ කතාමාලාවේ සියලුම නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන අතර එයින් පසු Shahid Kapoor රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටය ගැනත් දැන් තොරතුරු දැන ගන්නට ලැබෙනවා.
මේ ආකාරයට Shahid Kapoor නැවතත් චිත්‍රපට රංගනය සඳහා පිවිසුනේ වසරක නිහැඬියාවකින් පසුවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙවර ඔහු ගිවිසුම්ගත වී තිබෙන්නේ Dinesh Vijayanගේ Maddock Productions නිෂ්පාදන ආයතනයත් සමඟයි. Maddock Productions ආයතනය හා සුසංයෝගයෙන් නිර්මාණය වන ශාහිඩ්ගේ පළමු චිත්‍රපටය මෙයයි. Dinesh Vijayan හා Shahid Kapoor එක්ව නිර්මාණය වන සිනමාපටයක් ගැන කලක සිටම බොලිවුඩයෙන් තොරතුරු පළ වුනත්, ඔවුන් දෙපාර්ශවයෙන් කිසිදු අයෙක් ඒ ගැන මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූයේ නැහැ.
නමුත් දැන් වාර්තා වන අන්දමට මෙහි පෙර – නිෂ්පාදන කටයුතු පවා නුදුරේදීම ඇරඹීමට ඔවුන් සාකච්ඡා කොට තිබෙනවා. දර්ශන තල සඳහා දැනට තෝරාගෙන තිබෙන දිල්ලි සහ මුම්බායි ප්‍රදේශවලට අමතරව යුරෝපීය රටවල් කිහිපයකුත් යොදා ගැනීමට නිෂ්පාදකයින් බලාපොරොත්තු වන බවත් පැවසෙනවා. මෙම වසර අග භාගය වනවිට රූගත කිරීම් ආරම්භ කිරීමටත් ශාහිඩ් එකඟ වී තිබෙන බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.
Romance ශානරයට අයත් නිර්මාණයක් වුවත්, නිෂ්පාදක කණ්ඩායම විස්තර කරන අන්දමට මෙහි කතා සාරාංශය ගොඩ නැඟී තිබෙන්නේ සාමාන්‍ය ආදර කතාවකට සීමා නොවුනු මාතෘකාවක් වටායි. නමුත් plot details ගැන සැලකිය යුතු විස්තරයක් ඔවුන් විසින් රසිකයින්ට අණාවරණය කර නැහැ. එපමණක් නොවෙයි, මෙහි අධ්‍යක්ෂණයට තෝරා ගත් පුද්ගලයා කවුරුන් ද යන්න පවා රසිකයින් තවමත් දැනුම්වත් වී නැහැ.
Maddock Productions ආයතනය නිවේදනය කළ පරිදි ඔවුන්ගේ සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කෙරෙන දැවැන්තම ආදර කතාව වන්නේ මෙයයි. නිෂ්පාදන පිරිවැය නිශ්චිතව නිවේදනය කර නැතත් ආසන්න වශයෙන් ඉන්දීය කෝටි 50-60 අතර මුදලක් ඔවුන් විසින් මීට ආයෝජනය කරනු ඇතැයි බොහෝ දෙනෙකු පවසනවා. ඊට හේතුව වන්නේ Maddock Productions දැනට නිෂ්පාදන කළ චිත්‍රපට අතුරින් දැවැන්තම Romantic චිත්‍රපටය ලෙසට හැඳින්වෙන Love Aaj Kal 2 (2020) හි නිෂ්පාදන පිරිවැය වන්නේ ඉන්දීය කෝටි 40කට ආසන්න මුදලක් වන නිසායි.
Dinesh Vijayanගේ මූලිකත්වයෙන් 2005 වර්ෂයේදී පිහිටවූ Maddock Productions නිෂ්පාදන සමාගම සිය සිනමා ගමන ආරම්භ කරන්නේ Saif Ali Khan රඟපෑ Being Cyrus බොලිවුඩ් චිත්‍රපටයෙනුයි. ආදායම් වාර්තා තුළින් සාර්ථකත්වයක් අත් කරගැනීමට නොහැකි වුනත් ධනාත්මක විචාරක ප්‍රතිචාරයක් ලබා ගැනීමට එය සමත් වූවා. එතැන් පටන් Love Aaj Kal, Agend Vinod, Cocktail, Goa Gone ආදී සිනමාපට කිහිපයක්ම මුල්කාලීන අවධියේදී දිනේෂ් විජයන් නිෂ්පාදනය කළ අතර ඒ සියල්ලකම පාහේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ද Saif Ali Khan විසිනුයි.
නමුත් 2015 පමණ වනවිට, Maddock Productions නිෂ්පාදන සමාගම සිය චිත්‍රපට ධාරාවේ යම් වෙනස්කමක් සිදු කරන්නේ ඔවුන් එතෙක් නිෂ්පාදනය කළ romance චිත්‍රපට වෙනුවෙන් family entertaining නිර්මාණවලට වැඩි අවධානයක් යොමු කරමින්…
Badlapur, Luka Chuppi, Bala, Stree, Mimi, Shiddat වැනි එකිනෙකට වෙනස් – විවිධ චිත්‍රපට සඳහා මුදල් ආයෝජනය කිරීමට ඔවුන් පෙළඹෙන්නේ ඉන් අනතුරුවයි. ඔවුන් නිෂ්පාදනය කළ Hindi Medium නැමැති බොලිවුඩ් චිත්‍රපටයට ඒ අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එය හැඳින්වෙන්නේ මෙතෙක් ඉන්දියානු සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් ලෙසයි. Irfan Khan ප්‍රධාන චරිත නිරූපණය කළ එම සිනමාපටය Saket Chaudharyගේ අධ්‍යක්ෂණයක්. ඉන්දීය කෝටි 15ක නිෂ්පාදන පිරිවැයට එරෙහිව ඉන්දීය කෝටි 322ක ආදායමක් රැස් කර ගනිමින් දැවැන්ත බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයක් මෙන්ම, 63වන Filmfare උළෙලේදී හොඳම චිත්‍රපටය හා හොඳම නලුවාට හිමි සම්මාන ද්විත්වය දිනා ගැනීමටත් ඊට හැකියාව ලැබුනා.
එවැනි විශිෂ්ට නිර්මාණ නිෂ්පාදනය කරමින් මේ දක්වාම සාර්ථක ගමනක් පැමිණ තිබෙන Maddock Productions හි විසි පස්වන නිෂ්පාදනය වන්නේ Shahid Kapoor රඟපාන මෙම නවතම සිනමාපටයයි. එළඹෙන වසරේ අග භාගයේදී සිනමාශාලා සඳහා එය මුදා හැරීමට නිෂ්පාදකයින් සූදානමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ..!