Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

Chiranjeevi සහ Ravi Teja |‍වසර විසි දෙකකට පසු නැවතත් එකම චිත්‍රපටයකින්

$
0
0

අද ඉන්දියාවේ සාර්ථකම – දැවැන්තම වාණිජ චිත්‍රපට බිහි වෙතැයි සැලකෙන්නේ දකුණු ඉන්දියානු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයක් වන තෙළිඟු සිනමාව තුළයි. තෙළංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් මුල් කරගෙන ව්‍යාප්ත වී තිබෙන මෙම ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්තය, ආදායම් වාර්තා (boxoffice collection) අනුව 2021 වසරේදී බොලිවුඩය පවා පරාද කරමින් සමස්ත ඉන්දියාවේම දැවන්තම චිත්‍රපට කර්මාන්තය ලෙසටත් ප්‍රමුඛස්ථානය ලබා ගත්තා.
Mass ක්‍රියාදාම දර්ශන, වීරත්වය මුසු සිනමා චරිත, Thriller – Suspense සිද්ධීන් ආදියෙන් තෙළිඟු චිත්‍රපට නිරතුරුවම සෙසු ප්‍රාන්තීය චිත්‍රපටවලට වඩා වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වී තිබෙන බවත් ඉන්දියානු සිනමා රසිකයින් සෑම දෙනාම පාහේ දන්නා කරුණක්. එවැනි සිනමා භාවිතයන් එදා සිට අද දක්වාම මෙම ප්‍රාන්තීය සිනමාවට අනන්‍ය ලක්ෂණ මෙන් එකි’නෙක බැඳී තිබෙනවා.

පවුල්වාදය හෙවත් Nepotism යන කාරණයත් තෙළිඟු සිනමාව තුළ හොඳින්ම දැකගත හැකි කාරණයක්. පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට පිවිසෙන එකම පවුලකට අයත් නලු නිළියන් බොහෝ දෙනෙකු තෙළිඟු සිනමාවේ සිටිනවා. එයින් ප්‍රධානම තැනක් ගන්නේ Mega Family යනුවෙන් හැඳින්වෙන Chiranjeevi නැමැති රංගන ශිල්පියාගේ ඥාතී පරම්පරාවයි.
1978 වසරේදී Pranam Khareedu චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අදත් සක්‍රීයව සිනමා රංගනයට සම්බන්ධ සිටින රංගන ශිල්පියෙක්. වර්තමාන තෙළිඟු සිනමාවේ දැවැන්තම සිනමා පෞරුෂය ලෙසද හැඳින්වෙන්නේ ඔහුවයි. එනිසා නිරායාසයෙන්ම ඔහුගේ ඥාතීන් සහ පුත්‍රයින්ද සිනමාවට සම්බන්ධ වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අද සිය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කර තිබෙනවා.

1978 සිට දිගින් දිගටම චිත්‍රපටවලට සම්බන්ධ වුනත් 2005න් පසු ඔහු රංගනයෙන් ඈත් වුනු අතර නැවතත් ඊට එක් වූයේ Khiladi No: 150 (2017) චිත්‍රපටය හරහායි. එතැන් සිට Sya Raa සහ Acharya චිත්‍රපට ද්විත්වයට රංගනයෙන් දායක වුනු Chiranjeevi, පසුගියදා සිය නවතම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු ද ආරම්භ කළා. එය නම් කර තිබෙන්නේ Waltair Veerayya යනුවෙනුයි.

මෙය චිරන්ජීවි රංගනයෙන් එකතු වන 154වන චිත්‍රපටයයි. 2021 වසරේ දෙසැම්බර් සිට මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින නමුත්, සිනමාපටය පිළිබඳ කතාබහ යළිත් මතු වුනේ මෙහි නිෂ්පාදකයින් විසින් කිසිවෙකුත් නොසිතූ පුවතක් එක්වරම මාධ්‍යයට නිකුත් කිරීමත් සමඟයි.
මෙතෙක් කල් නිෂ්පාදකයින් විසින් රසිකයින්ට දැනුම් දී තිබුනේ Waltair Veerayya චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට චිරන්ජීවි ගිවිසුම්ගත වූ බව පමණයි. තෙළිඟු සිනමාවේ තවත් ප්‍රධාන නලුවෙකු ඊට එකතු වන බවක් ඔවුන් නිවේදනය කර තිබුනේ නැහැ. නමුත් පසුගියදා Waltair Veerayya හි නිෂ්පාදකයින් වන Mythri Movie Makers ආයතනයෙන් එක් වරම නිවේදනය කළේ තෙළංගානා සිනමා කර්මාන්තයේ තවත් ප්‍රධානම රංගන ශිල්පියෙකු වන Ravi Teja ද මෙම නිර්මාණය සඳහා ඔවුන් එකතු කරගත් බවයි.

සාමාන්‍යයෙන් ඔවුන්ගේ ප්‍රාන්තීය සිනමාවේ සිටින ප්‍රධාන රංගන ශිල්පීන් කිසිවෙකු, තවත් නලුවෙකුගේ චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයකට ගිවිසුම්ගත වන්නේ නැති නිසා මෙවැනි Collaborations දක්නට ලැබෙන්නේ බොහොම අඩුවෙනුයි. විශේෂයෙන්ම Ravi Tejaගේ පසුගිය වසර දහයටම ඔහු වෙනත් කිසිදු නලුවෙකුගේ සිනමාපටයක උප ප්‍රධාන චරිතයක් බාර ගෙන නැහැ. ඔහු Chiranjeevi සමඟ එකම නිර්මාණයක රඟපාන්නේ ද Annayya (2000) චිත්‍රපටයෙන් වසර 22කට පසුවයි.
තෙළංගානා සිනමාවට සම්බන්ධ පුවත් මූලාශ්‍ර පවසන අන්දමට Ravi Teja මෙහි නිරූපණය කරනු ලබන්නේ චිරන්ජීවිගේ සොහොයුරෙකුගේ චරිතයයි. එය ප්‍රතිවීර චරිතයක්ද නැත්ද යන්න තවමත් තහවුරු වී නැතත් ඒ චරිතයට පාතාලය හා යම් සම්බන්ධයක් පවතින බවටත් ඔවුන් විසින් පවසනවා.

මේ වනවිට විශාකාපට්නම් ප්‍රදේශය ආශ්‍රිතව රූගත කිරීම් සිදු වන Waltair Veerayya චිත්‍රපටයේ සියලුම නිෂ්පාදන කටයුතු එළඹෙන මාස කිහිපය ඇතුළත සම්පූර්ණ කිරීමටයි Mythri Movie Makers ආයතනය තීරණය කර තිබෙන්නේ. 2023 ජුනි මාසයේදී මෙය තිරගත කිරීමට සැලසුම් කර ඇති බැවින් කිසිදු විවේකයක් නොගෙනම චිත්‍රපටයේ රූගත කිරීම් එකදිගට සිදුවෙමින් පවතිනවා. විශාකාපට්නම් ආශ්‍රිත දර්ශන තලයෙන් පසු ඊළඟ රූගත කිරීම සඳහා ඔවුන් මැලේසියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

Waltair Veerayya අධ්‍යක්ෂණය කිරීමට ගිවිසුම්ගත වී තිබෙන්නේ දකුණු ඉන්දීය සිනමාවට සාර්ථක වාණිජ සිනමාපට කිහිපයක්ම නිර්මාණය කළ K. S. Ravindra නැමැති සිනමාකරුවා විසිනුයි. තිර පිටපත් රචකයෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු පසුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස වාණිජ සිනමාවට පිවිසුනා. KS Ravindra පළමු වරට අධ්‍යක්ෂණය කළ Power (2014) සිනමාපටය එකලට සාපේක්ෂව සාර්ථක බොක්ස්-ඔෆිස් ආදායමක් ලබා ගත් නිසා ඔහුට විවිධ නිෂ්පාදකයින්ගෙන් දිගින් දිගටම අවස්ථා ලැබුනා.
Sardar Gabbar Singh, Jai Lava Kusa සහ Venky Mama යන සිනමා නිර්මාණ ත්‍රිත්වය බිහි වන්නේ ඉන් පසුවයි. Waltair Veerayya ඔහු අධ්‍යක්ෂණය කරන පස්වන චිත්‍රපටය වන අතර චිරන්ජීවි හා සුසංයෝගයෙන් නිර්මාණය වන පළමු චිත්‍රපටයයි.

Waltair Veerayya සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙසින් සම්බන්ධ කර ගෙන තිබෙන්නේ ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු සංගීතවේදියෙකු වන Devi Sri Prasadවයි. පසුගිය කාල වකවානුවේදී අතිශය ජනප්‍රිය ගීත ඇල්බම කිහිපයක්ම ඔහු විසින් සංගීතවත් කළ අතර නැරඹුම්වාර බිලියන 05 සීමාව පසු කළ එකම ඉන්දීය චිත්‍රපට ඇල්බමයේ නිර්මාණකරු වන්නේ ද ඔහුයි.
චිරන්ජීවි සහ රවි තේජාට අමතරව Shruti Hassan, Bobby Simha, Catherine Tresa වැනි නලු නිළියන් පිරිසක්ද මෙහි රඟපෑමට නියමිත යැයි අන්තර්ජාලයේ සඳහන් වනවා Arthur Wilsonගේ කැමරාකරණයෙන් හැඩ වන මෙය තිරගත කිරීම සඳහා දින නියම කර තිබෙන්නේ එළඹෙන 2023 ජනවාරි මාසයේ සංක්‍රාන්ති උත්සව සමයට සමගාමීවයි.

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>