Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

The Wacky – NIBM පෞද්ගලික විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්

$
0
0

මෙරට සිනමා ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් සනිටුහන් කළ සිනමා නිර්මාණයක මංගල දර්ශනය පසුගිය 15 වනදා පැවැත්වුනා. ඒ කොළඹ PVR සිනමා සංකීර්ණ පරිශ්‍රයේදී යි. මෙරට උසස් අධ්‍යාපන ආයතනයක් නිෂ්පාදනය කරනු ලැබූ පළමු සිනමාපටය ලෙසින් තිරගත වූ එය, හඳුන්වන්නේ “The Wacky (Moments of the Flipped Classroom)” ලෙසටයි.

The Wacky සිනමාපටය නිෂ්පාදනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන NIBM පෞද්ගලික විශ්ව විද්‍යාලය විසිනුයි. චිත්‍රපටයේ බොහෝමයක් චරිත සඳහා එහි උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විසින්ම රංගන දායකත්වය ලබාදෙන අතර චිත්‍රපටයේ දර්ශන තලවලට යොදාගෙන තිබෙන්නේ ද NIBM පරිශ්‍රයයි.

දැඩි වැසි සහිත රාත්‍රියකදී පංති කාමරයක් තුළ තනි වන්නට සිදුවන ගුරුවරියකටත්, ඇගේ සිසුන් පිරිසටත් මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාව වටායි The Wacky සිනමාපටය ගෙතෙන්නේ. විශේෂත්වය වන්නේ චිත්‍රපටයට අනුව පංති කාමරයෙන් පිටත ඇද හැලෙන්නේ සාමාන්‍ය වැස්සක් නොව අම්ල වැස්සක් වීමයි. Wacky යනුවෙන් හැඳින්වෙන එම අම්ල වැස්සට හසුවන ඕනෑම අයෙක් zombie ශරීර බවට පත්වන අතර අවසානයේදී ඔවුන්ට අත්වන්නේ වේදනාත්මක මරණයකුයි.
ඒ වනවිටත් අම්ල වැස්සට හසුවී zombie ලෙසට විකෘති වූ පිටත පුද්ගලයින්ගෙන් බේරී තම දිවි ආරක්ෂා කරගැනීමට සිසුන් සහ ගුරුවරිය ගන්නා උත්සාහයයි මෙම චිත්‍රපටයෙන් දක්නට ලැබෙන්නේ. Horror ශානරයේ කතා තේමාවක් අනුව ගෙතෙන මෙම චිත්‍රපටය, මුල සිට අවසානය දක්වාම කුතුහලයෙන් නැරඹිය හැකි, උසස් – ගුණාත්මක තත්වයේ නිර්මාණයක්.

The Wacky චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සමෘද්ධි රණසිංහ විසිනුයි. 1997 වසරේදී කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු දශක දෙකකට අධික කාලයක් තිස්සේ සහාය අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර පිටපත් රචකයෙකු ලෙසින් නිර්මාණ රැසකට සම්බන්ධ වී තිබෙනවා. නේත්‍රාංජලී සහ සිසිල ඉම, ඔහු සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ ටෙලි නිර්මාණ කිහිපයක්.

The Wacky චිත්‍රපටයෙ හි නිල පූර්ව ප්‍රචාරකපටය:

චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 40ක් පමණ වන අතර මෙහි රගන නලු නිළියන් සියලු දෙනාම පාහේ රංගන ක්ෂේත්‍රයට ආධුනික අයයි. නමුත් අධ්‍යක්ෂකවරයාගේ සහ ඔවුන්ගේ කැපවීම නිසා ඒ සියලු ආධුනික ලක්ෂණ මඟ හරවමින්, කුතුහලය පිරුනු රසවත් සිනමා නිර්මාණයක් බවට The Wacky පත්ව තිබෙනවා.

NIBM පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙනුවෙන් මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ එම ආයතනයේ විධායක අධ්‍යක්ෂක D.M.A. කුලසූරිය මහතායි. අධ්‍යක්ෂක සමෘද්ධි රණසිංහ සමඟින් සරත් කරුණාරත්න සහ කෞෂි සිරිවර්ධන දෙදෙනාත් එක්වයි මෙම චිත්‍රපටයේ කතාව සහ තිර පිටපත ගොඩ නඟා තිබෙන්නේ. කැමරා අධ්‍යක්ෂණය දිමුතු කාලිංග රත්නායක විසිනි. මාලිංග වීරක්කොඩිගේ සංස්කරණයෙන් හැඩව තිබෙන The Wacky හි කලා අධ්‍යක්ෂණය සිදු කොට තිබෙන්නේ නුවන් සනුරන්ඛයි. ප්‍රියන්ත දිසානායක වේෂ නිරූපණයෙනුත්, ඊෂා ජයසිංහ ඇඳුම් නිර්මාණයකරණයෙනුත්, එක්ව තිබෙනවා.
චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ශබ්ද පරිපාලනය සිදු කර තිබෙන්නේ හේමක විජේරත්නයි.

මෙය NIBM වෙනුවෙන්, Watermark Productions සහ Peppermint Productions ඉදිරිපත් කිරීමකි. චිත්‍රපටයේ පළමු මංගල දර්ශනය පසුගිය 15 වනදා කොළඹ PVR සිනමා සංකීර්ණයේදී පැවැත්වුනා. අන්තර්ජාලයේ සඳහන් වන ආකාරයට The Wacky හි තවත් පුළුල් තිර ප්‍රදර්ශන කිහිපයක්ම ඉදිරියේදී තිරගත කිරීමට නියමිතයි.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>