
එක් වසරකදී චිත්‍රපට 1000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය වන “ඉන්දියානු සිනමාව” හැඳින්වෙන්නේ ලොව විශාලතම සිනමා කර්මාන්ත ත්‍රිත්වයෙන් එකක් සහ අප කලාපයේ විශාලම සිනමා කර්මාන්තය ලෙසටයි. එහි විවිධත්වය සහ භූමි විශාලත්වය නිසාම ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කලාප දෙකකට බෙදා කෙරෙනවා. ඒ උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමාව වශයෙනුයි.
උතුරු ඉන්දීය සිනමාව, හින්දි චිත්‍රපට මුල් කරගෙන බිහිව තිබෙන අතර දකුණු ඉන්දීය සිනමාව බිහිව තිබෙන්නේ දමිළ | තෙළිඟු | කන්නඩ | මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්තවල එකතුවක් ලෙසයි.
හින්දි සිනමාව මෑතක් වනතුරුම ඉන්දියාවේ දැවැන්තම චිත්‍රපට ක්ෂේත්‍රය ලෙස පළමු තැන ගෙන සිටියත්, පසුගිය දශකයෙදී, ඉන්දියාව තුළ මෙන්ම ඉන් පිටත් දමිළ-තෙළිඟු-මලයාලම් ආදී කුඩා ප්‍රාන්තීය චිත්‍රපට සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.
සිය චිත්‍රපට නළුවන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණි ශිල්පීන් ආදිය ඇගයීම සඳහා වාර්ෂිකව සංවිධානය වන ඉන්දියානු සිනමා සම්මාන උළෙල වලදීත් මීට පෙර හින්දි චිත්‍රපටවල බලපෑම නිසා ඇතැම් දකුණු ඉන්දීය සිනමාපට නිසි ඇගයුමට ලක් නොවුනත්, දැන් දකුණු ඉන්දීය සිනමාපට සඳහා පමණක්ම වෙන්වුනු ස්වාධීන සහ අන්තර්ජාතික මට්ටමේ සිනමා සම්මාන උළෙල පවා සංවිධානය වනවා. සෑම වසරකම දකුණු ඉන්දීය ප්‍රාන්තයේ නිපදවෙන ජනප්‍රිය ධාරාවේ සිනමාපට ඇගයීම සඳහාම පැවැත්වෙන “SIIMA Awards” ලොව ප්‍රමුඛ පෙලේ සම්මාන උළෙලක් වනවා.
“SIIMA Awards” හිදී සිදු වන්නේ සෑම වසරකදීම දමිළ – තෙළිඟු – කන්නඩ – සහ මලයාලම් යන දකුණු ඉන්දීය ප්‍රාන්ත සිනමාවලින් බිහිවන විශිෂ්ටතම චිත්‍රපට උදෙසා සම්මාන පිරිනැමීමයි. මෙහිදී සම්මාන අංශ පහළවකට ආසන්න ප්‍රමාණයක් යටතේ ජයග්‍රහණ පිරිනැමෙන අතර අදාළ සම්මානය උදෙසා සෑම ප්‍රාන්තීය සිනමාවකින්ම ජයග්‍රාහකයෙකු තෝරා පත් කර ගැනෙනවා.
නොකඩවා 11වන වරටත් සංවිධානය වූ මෙවර “SIIMA Awards” පැවැත්වුනේ එක්සත් අරාබි එමීර් හි ඩුබායි රාජ්‍යයේ දීයි.
මෙවර උළෙලේදී විශිෂ්ටතම තෙළිඟු භාෂාමය චිත්‍රපටය ලෙසින් ජයග්‍රහණය කළේ දුල්කර් සල්මන් සහ මෘනාල් තාකූර් රංගනයෙන් එක්වූ Sita Ramam චිත්‍රපටයයි. පසුගිය වසරේදී තමිල්නාඩුවේ ආදායම් වාර්තා අලුත් කළ Ponniyin Selvan: 1 චිත්‍රපටය, වසරේ විශිෂ්ටතම දමිළ භාෂිත චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වුනා. රක්ෂිත් ශෙට්ට රඟපෑ, චාර්ලි නැමැති බලු සුරතලෙකු වටා ගෙතෙන 777 Charlie මෙවර උළෙලේ විශිෂ්ටතම කන්නඩ සිනමාපටයයි. විශිෂ්ටතම මලයාලම් සිනමාපටය ලෙසින් ජයගත්තේ Nna Thaan Case Kodu නැමැති සිනමා නිර්මාණයයි.
Best Picture – Tamil
Ponniyin Selvan: I (Winner)
Love Today
Rocketry: The Nambi Effect
Thiruchitrambalam
Vikram
Best Picture – Telugu
Sita Ramam (Winner)
DJ Tillu
Karthikeya 2
Major
RRR
Best Picture – Malayalam
Nna Thaan Case Kodu (Winner)
Bheeshma Parvam
Hridayam
Jaya Jaya Jaya Jaya Hey
Jana Gana Mana
Thallumaala
Best Picture – Kannada
777 Charlie (Winner)
KGF: Chapter 2
Love Mocktail 2
Kantara
Vikrant Rona
11 වන SIIMA උළෙලේදී සම්මානිත වූ සියලුම රංගන ශිල්පීන්ගේ සහ සිනමාකරුවන්නේ නිර්මාණ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා. මීට අමතරව ඉන්දියානු සිනමාව උදෙසා සිදු කළ සේවය වෙනුවෙන් එරට සිටින ප්‍රවීණ සිනමාකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් ගරු සම්මාන පිරිනැමීමක් ද SIIMA උළෙලේදී සිදු වුනා.
Best Tamil Director
1. Gautham Ramachandran for Gargi
2. Lokesh Kanagaraj for Vikram- Winner
3. M Manikandan for Kadaisi Vivasayi
4. Mani Ratnam for Ponniyin Selvan I
5. Mithran R Jawahar for Tiruchitrambalam
Best Telugu Director
1. Chandoo Mondeti for Kartikeya 2
2. Hanu Raghavapudi for Sita Ramam
3. SS Rajamouli for RRR – Winner
4. Sashi Kiran Tikka for Major
5. Vimal Krishna for DJ Tillu
Best Malayalam Director
1. Amal Neerad for Bheeshma Parvan
2. Khalid Rahman for Thallumaala
3. Mahesh Narayanan for Ariyippu
4. Tharun Moorthy for Saudi Vellakka
5. Vineeth Sreenivasan for Hridayam- Winner
Best Kannada Director
1. Anup Bhandari for Vikrant Rona
2. Darling Krishna for Love Mocktail 2
3. Kiranraj K for 777 Charlie
4. Prashant Neel for KGF Chapter 2
5. Rishab Shetty for Kantara – Winner
Best Actor In a Leading Role (Tamil)
1. Dhanush (Thiruchitrambalam)
2. Kamal Haasan (Vikram)- Winner
3. Madhavan (Rocketry: The Nambi Effect)
4. Silmabarasan (Vendhu Thanindhathu Kaadu)
5. Vikram (Ponniyin Selvan I And Mahaan)
Best Actor In a Leading Role (Thelegu)
1. Adivi Sesh (Major)
2. Dulquer Salmaan (Sita Ramam)
3. Jr NTR (RRR)- Winner
4. Nikhil Siddhartha (Karthikeya 2)
5. Ram Charan (RRR)
6. Sidhu Jonnalagadda (DJ Tillu)
Best Actor In a Leading Role (Malayalam)
1. Basil Joseph (Jaya Jaya Jaya Jaya Hey)
2. Kunchacko Boban (Nna Than Cade Kodu)
3. Mommoothy (Bheeshma Parvan And Rorschach)
4. Nivin Pauly (Padavettu)
5. Prithviraj Sukumaran (Jana Gana Mana)
6. Tovino Thomas (Thallumaala)-Winner
Best Actor In a Leading Role (Kannada)
1. PuneethRajkumar (James)
2. Rakshit Shetty (777 Charlie)
3. Rishab Shetty (Kantara)
4. Shivarajkumar (Vedha)
5. Sudeep (Vikrant Rona)
6. Yash (KGF Chapter 2)- Winner
Best Actress In a Leading Role (Tamil)
1. Aishwarya Lekshmi (Gatta Kushti)
2. Dushara Vijayan (Natcharitham Nagargiradhu)
3. Keerthy Suresh (Saani Kaayidham)
4. Nithya Menen (Thiruchitrambalam)
5. Sia Pallavi (Gargi)
6. Trisha (Ponniyin Selvan- I)- Winner
Best Actress In a Leading Role (Thelegu)
1. Meenakshi Chaudhary (Hit The Second Case)
2. Mrunal Thakur (Sita Ramam)
3. Neha Shetty (DJ Tillu)
4. Nithya Menen (Bheemla Nayak)
5. Samantha Ruth Prabhu (Yashoda)
6. Sreeleela (Dhamaka)- Winner
Best Actress In a Leading Role (Malayalam)
1. Darshana Rajendran (Jaya Jaya Jaya Jaya Hey)
2. Kalyani Priyadarshan (Bro Daddy)- Winner
3. Keerthy Suresh (Vaashi)
4. Navya Nair (Oruthee)
5. Revathy (Bhoothakalam)
6. Anaswara Rajan (Super Sharanya)
Best Actress In a Leading Role (Kannada)
1. Ashika Ranganath (Kayimo)
2. Chaithra Achar (Gilky)
3. Rachita Ram (Monsoon Raaga)
4. Saptami Gowda (Kantara)
5. Sharmeila Mandra (Gaalipata 2)
6. Srinidhi Shetty (KGF Chapter 2) – Winner
Best Tamil Comedy Actor
Harish Kumar – Gulu Gulu
Karunas – Gatta Kusthi
Soori – Don
VTV Ganesh – Beast
Yogi Babu – Love Today- Winner
Best Telugu Comedy Actor
Brahmaji – Like Share & Subscribe
Rajendra Prasad – F3
Rajkumar Kasireddy – Ashoka Vanam Lo Arjuna Kalyanam
Srinivasa Reddy – Karthikeya-2- Winner
Vennela Kishore – Sarkari Vaari Paata
Best Malayalam Comedy Actor
Azees Nedumangad – Jaya Jaya Jaya Jaya Hey
Johny Antony – Hridayam
Pramod Velijanad – Mahaveeryar
Rajesh Madhavan – Nna Thaan Case Kodu- Winner
Shammi Thilakan – Palthu Janwar
Best Kannada Comedy Actor
Chikkanna – Trivikrama
Kuri Pratap – Triple Riding
Nagabhushana – Lucky Man
Prakash Thuminad – Kantara- Winner
Sadhu Kokila – Avatara Purusha
Best Tamil Music Director
1. Anirudh Ravichander (Vikram) – Winner
2. AR Rahman (Ponniyin Selvan 1)
3. G. V. Prakash Kumar (Sardar)
4. Santhosh Narayanan (Mahaan)
5. Yuvan Shankar Raja (Love Today)
Best Thelegu Music Director
1. Bheems Ceciroleo (Dhamaka)
2. MM Keeravani (RRR)- Winner
3. Sri Charan Pakala & Ram Miryala (DJ Tillu)
4. Thaman (Bheemla Nayak)
5. Vishal Chandrashekhar (Sita Ramam)
Best Malayalam Music Director
1. Hesham Abdul Wahab (Hridayam)- Winner
2. Justin Varghese (Super Sharanya)
3. Ranjin Raj (Malikappuram)
4. Sushin Shyam (Bheeshma Parvam)
5. Vishnu Vijay (Thallumaala)
Best Kannada Music Director
1. Ajaneesh Loknath (Kantara)- Winner
2. Arjun Janya (Ek Love Ya)
3. Nakul Abhayankar (Love Mocktail 2)
4. Nobin Paul (777 Charlie)
5. Ravi Basrur (KGF Chapter 2)
Best Tamil Actor In a Villian Role
1. Arav (Kalaga Thalaivan)
2. Kartikeya Gummakonda (Valimai)
3. S. J. Suryah (Don)- Winner
4. Vijay Sethupathi (Vikram)
5. Vinay Rai (Etharkkum Thunindhavan)
Best Thelegu Actor In a Villian Role
1. Jayaram (Dhamaka)
2. Samuthirakani (Sarkaru Vaari Paata)
3. Satyadev (God Father)
4. Suhaas (Hit-2)- Winner
5. Unni Mukundan (Yashoda)
Best Malayalam Actor In a Villian Role
1. Alencier Ley Lopez (Appan)
2. Vivek Oberoi (Kaduva)
3. Shine Tom Chacko (Kumari)
4. Sudev Nair (Bheeshma Parvam)
5. Vineeth Sreenivasan (Mukundan Unni Associates)- Winner
Best Kannada Actor In a Villian Role
1. Achyuth Kumar (Kantara)- Winner
2. Apoorva Kasaravalli (Guru Shishyaru)
3. Meka Srikanth (James)
4. Nirup Bhandari (Vikrant Rona)
5. Sanjay Dutt (KGF Chapter 2)