
දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන 2017 සඳහා දෙරණ මාධ්‍ය ජාලය වගේම සිනමා ක්ෂේත්‍රයේත් සියල්ලෝම ලහි ලහියේ සුදානම් වෙනවා. සිනමා සම්මාන උළෙල ඔක්තෝබර් 06 වැනිදා රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීය දායකත්වය වෙනුවෙන් සම්මාන රැසක් පිරිනමන්න මෙවරත් කටයුතු කොට තිබෙනවා. සම්මාන සඳහා ඇගයීම් කටයුතු සිදුකරන නිර්දේශිත සිනමා නිර්මාණ අතරින් සිනමාපට හතරක තොරතුරු අදත් සිනමාලෝලි ඔබවෙත ගෙනෙන්න සුදානම්.
විරවර්ණ – පසුගිය වසරේ තිරගත වුනු නිර්මාණ අතරින් එකක් තමයි විරවර්ණ සිනමාපටය. ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගැනීමට මේ නිර්මාණය සමත් වුනා. පිටපත රචනා කරමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ශහිරු රණසිංහ. අජිත් නිශාන්ත කුමාර, නිලන්ත ගුණවර්ධන, නිෂ්පාදන කටයුත්තට දායක වුනා. රවින්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව් ජයසිරි කියන ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක නව පරපුරේ නළු නිළි පිරිසකුත් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදුන්නා.
සිංහයා – සිනමාවේ වීර කතා නරඹන්නත් බහුතර ප්‍රේක්ෂක කැමැත්තක් තියෙනවා. ඒ නිසාම එවැනි වීර චරිත සහිත චිත්‍රපටත් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙනවා. ඒ වගේ එක චිත්‍රපටයක් තමයි සිංහයා. වී. සිවදාසන් මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළා. සුනිල් ටි. ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් දායක වුනා. රන්ජන් රාමනායක සිංහයා චිත්‍රපටයේ සාධාරණ වීරයාගේ චරිතය නිරුපනය කළා. දුලීකා මාරපන, මහේෂි මධුෂන්කා, පාලිත සිල්වා, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පින් පිරිසක් මේ සිනමාපටය හැඩකරන්න රංගනයෙන් දායක වුනා.
රජා මමයි – සිනමාව විවිධ රසයෙන් සමන්විතයි. සිනමා කර්මාන්තය ඉදිරියට පවතින්නත් මේ විවිධත්වය අත්‍යවශ්‍යයි. ඒ නිසා කොමඩි චිත්‍රපටත් නිෂ්පාදනය වීම වැදගත්. රජා මමයි චිත්‍රපටය කල්‍යාණ චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයක්. ඒ.පැරිස්ටර් නිෂ්පාදනයෙන් දායක වුනා. බින්දු බෝතලේගම, ප්‍රේමදාස විතානගේ, චතුර පෙරේරා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කළා.
මෝටර් බයිසිකල් – ශමීර රංගන නාඔටුන්න පළවැනි සිනමා අධ්‍යක්ෂණය ලෙස මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණා. තරුණ පරපුර මුහුණ දෙන වර්ථමාන සමාජ දේශපාලනික ගැටළු ගැන ශමීර මොටර්බයිසිකල් චිත්‍රපටය හරහා කතාබහ කරන්න උත්සාහ දරා තිබුණා. 2015 සාක් කලාපීය සිනමා සම්මාන උළෙලෙත් ඒ වසරේම කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ ආසියානු චිත්‍රපට අංශයේත් (IFFColombo 2015) හොඳම චිත්‍රපටය විදිහට සම්මානයට පාත්‍ර වෙන්න ශමිරගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය සමත් වුනා. සුරංග ජයසුරිය චිත්‍රපටය නිෂ්පාදනයට දායක වුනා. දසුන් පතිරණ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරුපනය කරන මේ චිත්‍රපටයට විනා ජයකොඩි මහේන්ද්‍ර පෙරේරා ඇතුළු තවත් ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වී තිබුණා. මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ ඇගයීමට ලක්කෙරෙන සිනමා නිර්මාණ අතර මෝටර් බයිසිකල් චිත්‍රපටයත් තිබෙනවා.
මේ චිත්‍රපට අතුරින් සම්මාන තෝරා ගැනෙන ජයග්‍රාහි නිර්මාණ ඔක්තෝබර් 06 වැනිදා රාත්‍රියේදී අභිෂේක කෙරෙනවා. සිනමා උළෙලේ සියළු තොරතුරු සහ සූදානම ගැන දැනගන්න cinema.lk වෙබ් අඩවියෙන් සහ cinema.lk ෆේස්බුක් පිටුවට පිවිසෙන්නත් සිනමා රසික ඔබට අපි මතක් කරනවා.