
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධාන කරන ජපාන සිනමා උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන සිනමා උළෙල සැප්තැම්බර් 22 වැනිදා ආරම්භ වනවා. සමාරම්භක උළෙල 22 වැනි සිකුරාදා ආරාධිතයින් සඳහා පැවැත්වීමෙන් අනතුරුව 23 සහ 24 දෙදින සිනමා උළෙල පොදු ප්‍රේක්ෂකයින් උදෙසා පැවැත්වෙනවා. ජපාන තානාපති කාර්යාලය, ජපාන පදනම, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව උළෙල සංවිධානය කෙරෙනවා.
සැප්තැම්බර් 23 සෙනසුරාදා සවස 3.00ට Ecotheraphy geteway holiday චිත්‍රපටය තිරගත කෙරෙනවා.
එදිනම සවස 5.30ට තිරගත කෙරෙන්නේ Climbing to Spring චිත්‍රපටය.
සැප්තැම්බර් 24 වැනිදා සවස 3.00ට Wood Job ජපන් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.
ජපන් සිනමා උළෙලේ සමාප්ති චිත්‍රපටය විදිහට සැප්තැම්බර් 24 වැනිදා සවස 5.30ට A Farewell to Jinu චිත්‍රපටය තිරගත වෙනවා.
සිනමාවට කැමති ඒ වගේම විදෙස් සිනමා අත්දැකීම් විඳින්න කැමති සිනමා රසිකයින් වෙනුවෙන් සංවිධාන කෙරෙන ජපන් සිනමා උළෙල නැරඹීමට පැමිණෙන ලෙස ජපාන තානාපති කාර්යාලය මෙරට සිනමාලොලින්ට ආරාධනා කර සිටිනවා.