
දෙරණ සිනමා සම්මාන 2017 සිනමා උළෙල සහ සම්මාන උළෙල පිළිබඳව cinema.lk කියවන ඔබ මේ වනවිට ඉතා හොඳින් දැනුවත්. ඔක්තෝබර් 06 වැනිදා සිනමා සම්මාන උළෙලේදී අභිෂේක ලබන ශිල්පින් ගැන දැනගන්න සිනමාලෝලීන්ට තියෙන්නේ ලොකු කුතුහලයක්. ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත ජූරිය මේ වෙද්දී ඇගයීම් කටයුතු සිදු කරමින් පවතිනවා. 2016 වසරේ තිරගත වුනු මෙවර සම්මාන උළෙලේ ඇගයීම් සඳහා සලකා බලෙන තවත් චිත්‍රපට හතරක තොරතුරු සිනමාලෝලි ඔබට කියන්න cinema.lk අපි සුදානම්.
The Rainbow – සිනමාවට විවිධ තෙමාවන්ගේ චිත්‍රපටි නිර්මාණය වීමෙන් සිනමා ක්ෂේත්‍රයේ විවිධත්වය රැකෙනවා. මේ සිනමා නිර්මානය ආදරණිය කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. නලින් නිශාන්ත රාජපක්ෂ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. සුනිල් ප්‍රේමරත්න තිර රචනයෙන් දායක වුන මේ සිනමාපටය Moon light fiilms නිෂ්පාදනයක්. රොෂාන් රණවන ප්‍රධාන නළුවා ලෙස මෙහි රංගනයෙන් දායක වුනා. තනාෂා හතරසිංහ, කුමාර තිරිමාදුර, ශනුද්රි ප්‍රියසාද්, දිනක්ෂි ප්‍රියසාද් සිනමාපටයට රංගනයෙන් දායක වුනා.
උලත් එකයි පිලත් එකයි – දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ඇගයීම් සඳහා සලකා බලෙන තවත් චිත්‍රපටයක් මේ. අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙන්. සී. කේ. රණසිංහ නිෂ්පාදනයෙන් මේ චිත්‍රපටයට දායක වුනා. නව පරපුරේ ජනප්‍රිය නළු රොෂාන් රණවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුනා. චරිතාංග නළුවකු ලෙසත් සිනමාපට රැසකට දායක වුනු දර්ශන් ධර්මරාජ් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. දමිතා අබේරත්න, මිහිර සිරිතිලක, රාජිත හිරාන් ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පින් රැසක් චිත්‍රපටයේ රංගනයේ යෙදුනා.
ඇහේ ඇස අග – අසෝක හඳගම මෙරට සිනමා ක්ෂේත්‍රයේ දශක ගණනාවක් මුළුල්ලේ රැඳී සිටින අධ්‍යක්ෂකවරයෙක්. ආන්දෝලනාත්මක කතා තේමාවන් සහිත චිත්‍රපට කිහිපයක් ඔහු අතින් නිර්මාණය වුනා. ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය වුනු ඇගේ ඇස අග චිත්‍රපටයත් මෙවර දෙරණ සිනමා සම්මාන සඳහා සුදුසුකම් ලැබුවා. ගැහැණිය පිලිබඳ පිරිමියාගේ ෆැන්ටසිය මේ සිනමාපටය හරහා සමාජගත කෙරෙන බව ඇතැම් විචාර මතය වුනා. අධ්‍යක්ෂකවරයාගේ අනිකුත් සිනමාපට වගේම, මේ සිනමා පටයත් ප්‍රේක්ෂක විචාරක අවදානයල ලක්වුනා වගේම සමාජය තුළ යම් කතාබහකට ලක්වුනා. සිනමාවේ දක්ෂ චරිතාංග නිළියක් වුනු ස්වර්ණා මල්ලවාරච්චි මෙහි ප්‍රධාන භූමිකාවට රංගනයෙන් දායක වුනා. විදෙස් නළුවකු වූ ද්රිතිමාන් චැටර්ජි, රිතිකා කොඩිතුවක්කු සහ සඳලි ආශ් මේ චිත්‍රපටයේ අනිකුත් චරිත නිරුපනය කළා.
සුජාත පුත්‍ර – සිනමාවට විවිධ තේමාවන්ගෙන් නිර්මාණය කෙරෙන චිත්‍රපට අතරට සුජාත පුත්‍ර චිත්‍රපටයත් එක වෙනවා. ළමා ලෝකය ගැන සහ ඔවුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් වැඩිහිටි ක්‍රියාවන් ඇසුරේ හැඩගැසෙන අයුරුත් මේ සිනමාපටයේ පෙන්නුම් කෙරුණා. ශ්‍රීපාලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ සුජාත පුත්‍ර චිත්‍රපටය අමිල රෝශේන්ද්‍ර සහ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි එක්ව නිෂ්පාදනය කළා. මේ සිනමාපටයත් දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ඇගයීම් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
2016 වසරේ තිරගත වුනු සිනමාපට 23ක් අතුරින් විශිෂ්ටයින් තෝරා ගැනෙන සිනමා සම්මාන රාත්‍රිය ඔක්තෝබර් 06 වැනිදා පැවැත්වෙනවා. ඊට පෙර දෙරණ හෙට දවසේ සිනමාව තේමාව යටතේ අලුත්ම සිනමා නිර්මාණ රසවිඳීමට හැකි සිනමා උළෙලක් ඔක්තෝබර් 01 සහ 02 දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී පැවැත්වෙනවා. ඒ සියලු තොරතුරු cinema.lk වෙබ් අඩවියෙන් සහ facebook පිටුවෙන් සිනමාලෝලි ඔබට දැනගැනීමේ හැකියාව තිබෙනවා.