
සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මාසික සිනමා සංවාද මණ්ඩපයක් පැවැත්වීම ආරම්භ කළා. ඒ යටතේ පසුගිය මාසයේ “දැවෙන විහඟුන්” චිත්‍රපටය පිලිබඳ සංවාදයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කළා. එහි දෙවැනි පියවර මේ මස අවසානයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “ඝරසරප” චිත්‍රපටය මෙවර සිනමා සංවාද සඳහා පාදක වනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිද මෙම අවස්ථාවට සම්බන්ධ වීමට නියමිතයි. ජ්‍යෙෂ්ට කතිකාචාරිනි චන්දිමා නිශ්ශංක, විදර්ශන කන්නගර සහ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය අරුණ ලොකුලියන මෙම සංවාද මණ්ඩපයේ සම්පත් දායකයින් ලෙස මෙවර සම්බන්ධ වනු ඇති. නොවැම්බර් 24 වැනි සෙනසුරාදා සවස 1.00 සිට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වීමට සුදානම්.
පස්වරු 1.00 සිට ඝරසරප චිත්‍රපටය තිරගත කිරීම සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව චිත්‍රපටය පිලිබඳ සංවාදය ආරම්භ කෙරෙනවා. සංවාදය මෙහෙයවීම මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් සිදු කිරීමට නියමිතයි.
ඝරසරප නරඹා ඒ පිළිබඳව සංවාදයට සම්බන්ධ වන ලෙස සිනමා ලැදි සැමට ඇරියුම් කෙරෙනවා.